බ්‍රැන්ඩික්ස් ආයතනයට දඩුවම් දිය යුතුයි! – වියත්මග ලේකම්  අනුර ප්‍රනාන්දු

බ‍්‍රැන්ඩික්ස් ආයතනය මේ රටට විශාල විදේශ විනිමයක් ගෙන එනු ලැබූ සමාගමක් වුවත්, මේ අවස්ථාවේ එම ආයතනය රටට විශාල හානියක් සිදුකර තිබෙන නිසා මේ සම්බන්ධව පරීක්ෂණයක් කර ඔවුන්ට දඩුවමක් දිය යුතු බව වියත්මග සංවිධානයේ ලේකම් අනුර ප්‍රනාන්දු පවසයි. මෙම සංවිධානයේ සභාපති වන්නේ වර්තමාන ජනාධිපතිවරයාය.

අනුර ප්‍රනාන්දු මහතා මේ අදහස් ප්‍රකාශ කරන්නේ “Truth with Chamuditha” නැමති අන්තර්ජාල නාලිකාවක් සමග චමුදිත සමරවික්‍රම සමඟ පැවති සාකච්ඡාවකදීය.

වර්තමාන ජානාධිපතිවරයා බලයට පත්වී ලබන නොවැම්බර් මාසයට අවුරැද්දක් ගත වන බවත්, මේ කාලය තුළ ඔහු විසින් “දෙයක් කළා නම් කළේ” මෙම කොවිඩ් 19 පාලනය කිරීම පමණක් බවත්, ඒයත් මේ සිද්ධියෙන් අවසන් වූ බවත් ඇසු ප්‍රශ්ණයට පිළිතුරැ දෙමින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කලේ,.. මමත් ඒ ගැන දුක් වෙනවා, ඇත්තටම ජනාධිපතිතුමට පව්, මේ සම්බන්ධව ජනාධිපතිතුමා ඉතාම කනස්සලෙන් පසුවන බවත් පැවසීය. මෙහි දී චමුදිත ප්‍රකාශ කළේ ජනාධිපතිතුමාට පමණක් නොව අපටත් පව් කියාය.

මෙම සාකච්ඡාවේ දී අනුර ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් පවසා සිටියේ, ඇත්තට සිදුවී ඇත්තේ ඉන්දියාවේ පිහිටි බ්‍රැන්ඩික් සමාගමට ලද ඇණවුමක්, එහි කෝවිඩ් තත්ත්වය උත්සන්න වීම නිසා අවලංගුවීමට යාමේ දී එම ඇණවුම ලංකාවේ බ්‍රැන්ඩික් සමාගම් හරහා සිදු කිරීමට යාම නිසා මෙම වෛරසය ලංකාවට පැමිණ ඇති බවත්ය. ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වූ සේවකයින් සදහා නිරෝධායන ක‍්‍රියාවලියේදී බරපතළ අක්‍රමිකතාවයන් රැසක් සිදුව ඇතැයි ඔහු සඳහන් කරයි.

බ්‍රැන්ඩික්ස් සමාගමේ ප‍්‍රධානියා වියත්මග සංවිධානයේ ප්‍රධානියෙකු බවටත්, ඔහු විශාල වශයෙන් රජයට ආධාර කර ඇති බවටත් සම්බන්ධව ඇසූ ප්‍රශ්ණයට පිළිතුරු දෙමින් ප්‍රනාදු මහතා කියා සිටියේ තමන් දැනුවත්ව නම් වත්මන් රජයට කිසිදු මුදලක් ඔහු ලබාදී නැති බවත්, ඒමෙන්ම  ඔහු වියත්මග ආධාරකරුවකු හෝ සාමාජිකයෙකුද නොවන බවත්ය. ඒමෙන්ම, තමන් විසින් ප්‍රකාශ කරන්නේ වියත්මග සංවිධානයේ නිල ස්ථාවරය බවද ඔහු පැවසීය.

ඉදිරිට වියත්මග ගන්නා ක්‍රියාමාර්ග පිළිබවද අදහස් දැක්වීමේ දී අනුර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේ වියත්මග සංවිධානයේ සිට බොහෝ අයට මැති ඇමතිධුර , තානාපති ධුර හා වෙනත් තනතුරැ ලැබීම නිසා වියත්මග සදහා Out of the Box අලුතින් සිතන්ට හැකි තරුණ කණ්ඩායමක් සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වන බවයි.

Social Sharing
නවතම