ක්‍ෂුද්‍ර මූල්‍ය හේතුවෙන් ගිණිගත් වතුකරේ ජීවිත

HNB  ග්‍රාමීන් ආයතනයෙන් කොටගල ලොකිඩ් වත්තතේ පදිංචි එස්. අරුල්සෙල්වි නිවසේ අළුත් වැඩියා කටයුතු වෙනුවෙන් ණය මුදලක් ලබා ගැනීමට අවශ්‍ය බවට ඔවුන්ගේ කණාඩායම් නායිකාවට පවසා ඇති අතර ඇයට ණය මුදලක් ලබා දීමට නම් තමාටද ණය මුදලක් ලබා දිය යුතු බවට පැවසීමෙන් අනතුරුව සෙල්වී විසින් තමාගේ ගිණුමට යටත්ව ඇයට (කණ්ඩායම් නායිකාවට) ණය මුදලක් ලබාගැනීමට  අවශ්‍ය කටයුතු සලසා දී ඇත.

නියමිත කාලයතුලදී සෙල්වී විසින් තමා ලබා ගත් ණය මුදලට අදාලව ගෙවීම් කටයුතු සියල්ල අවසන් කර තිබූ නමුත් කණ්ඩායම් නායිකාව විසින් ලබා ගත් ණය මුදල නොගෙවීම සම්බන්ධයෙන් HNB  ග්‍රාමීන් ආයතනයෙන් ණය අය කරගන්නා නිළධාරියා විසින් දිගින් දිගටම සෙල්වී වෙත සිදුකරන ලද බලපැම් හේතුවෙන් කණ්ඩායම් නායිකාවගේ නිවසට ගොස් ණය මුදල ගෙවන ලෙසට ඉල්ලීම් කරනු ලැබුවත් “ ඔයාගෙ නමට ණය මුදල අරගෙන තියෙන්නේ ඔයාම ඒක ගෙවනන් මම ගෙවන්නෙ නැහැ” යනුවෙන් පවසා ඇත.

“මගේ මහත්තයා කුලීවැඩ කරන්නෙ අපි අමාරුවෙන් තමයි ජීවත්වෙන්නේ ණය එකතු කරන්න එන මහත්තයට විස්තරය මම කිව්වහම එයා කියනව ඔයා තමයි මේක ගෙවන්න ඕන කියල”  මේ ණය උගුලෙන් සෙල්වී තමා සහ පවුගේ උදවිය නිදහස් කිරීමේ අරමුණින් ණය අයකරගන්නා නිළධාරියාගෙන්  විමසා ඇත්තේ තමා සිය දිවි නසා ගන්නේන නම් මෙම ගැටළුව නිරාකරණය වන්නේද, එසේ තමාගේ සිය දිවි නසාගැනීමට වගකිව යුත්තේ මේ ඉහත සඳහන් ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන වන බව ප්‍රකාශ කිරීමෙන් පසුව ද මෙම ණය අයකරන්නා, නිළධාරියා දිගින් දිගටම බලපෑම් කර උදෑසන 8.30 පමණ නිවසික් පිටව යෑමෙන් පසු සෙල්වී විසින් සිය සිරුරට ගිණි තබාගෙන ඇත.

කදුකරයේ වතු ආශ්‍රිත ප්‍රදේශයන්හි ඉහත ආකාරයට ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන නියෝජිතයන් හා ප්‍රදේශයේ කාන්තාවන් එක්ව කුඩා කාන්තා කණ්ඩායම් ගොඩනගා ගනිමින් ඔවුන්ට ණය ලබා දීමේදී කණ්ඩායම් නායිකාව විසින් ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන නියෝජිතයාගේ අනුදැනුම ඇතිව එම ණය ලාභී කාන්තාවගේ ගිණුමට යටත්ව වෙනම ණය මුදලක් ලබාගැනීම හා එය නොගෙවා පැහැර හැරීම් සිදුකිරීම බහුලව සිදුවී ඇත.

Social Sharing
නවතම