වහාම තම සේවකයින්ගේ පුද්ගලික ලිපි ගොනු යාවත්කාලීන කරන්න – අජිත් රෝහන

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ සේවක සේවිකාවන්ගේ පුද්ගලික ලිපි ගොනු කිසිවක් යාවත්කාලීන වී නොතිබීම නිසා ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමේදි අපහසුතාවයට පත්වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

ඒහි තිබු පුද්ගලික ලිපි ගොනු වලට අනුව බොහෝ දෙනා සොයා ගැනීමේදි සිටියේ ලබා දී තිබු ලිපිනයන් වල නොවන බවත් ඒමෙන්ම ඔවුන් සම්බන්ධ කර ගැනීමට දී තිබු දුරකථන අංකද වෙනස් කර තිබු බව ඒ් මහතා පවසයි.

ඒ් නිසා හැකි ඉක්මනින් සියලුම රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සේවයේ නියුතු සේවක සේවිකාවන්ගේ නම, ස්ථිර ලිපිනය, තාවකාලික ලිපිනය, සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක්, විදයුත් තැපැල් ලිපිනයක්, ඔහුව හෝ ඇයව සම්බන්ධ කර ගත නොහැකි අවස්ථාවකදි සම්බන්ධ කර ගත හැකි පුද්ගලයෙකුගේ තොරතුරු  වලින් සමන්විතව පුද්ගලික ලිපි ගොනු යාවත්කාලීන කරන ලෙස ඉල්ලා සිටියි.

ස්ථිර සේවකයින්, තාවකාලික සේවකයින්, අනියම් සේවකයින් යන මේ සියල්ලන්ටම මෙය පොදු බවත් ඉදිරි දින තුන තුල මෙය සිදු කරන මෙන්ද  හදිසියේ නිරෝධායනයට ලක් කිරිමට සිදු වුහොත් ඒය පහසුවක් වනු ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියි.

ශානිකා

Social Sharing
නවතම