බ්‍රැන්ඩික්ස් සමාගමට එරෙහිව විශේෂ පරීක්ෂණයක් ඉල්ලයි!

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා විසින් මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කම්හලින් කෝවිඩ්-19 වසංගතය නැවත ආරම්භවීම සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස කෝවිඩ්-19 සම්බන්ධ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ගෙන් ලිඛිතව සිදු කළ පැමිණිල්ලක් මගින් ඉල්ලා තිබේ.

එම පැමිණිල්ලෙන්, මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කම්හල ආශ්‍රයෙන් නැවතත් කෝවිඩ්-19 වසංගතය ආරම්භ වීමේ මූලාශ‍්‍රයත් විසාකාපට්නම් හී සිට පැමිණි ඉන්දියානු හෝ ශී‍්‍ර ලාංකික පිරිසට මිනුවන්ගොඩ කම්හලේ සේවක සේවිකාවන් හා සම්බන්ධයක් තිබුණි ද නැද්ද යන්න පිළිබඳවත්, කෝවිඩ්-19 වසංගතය නැවත පැතිරීමට ඉන්දීය ශ‍්‍රමය හෝ ඉන්දීය අමුද්‍රව්‍ය එහි භාවිත වීද’’ යන කාරණා සම්බන්ධයෙන් අපනයන නිෂ්පාදන හා ඇගළුම් කර්මාන්තය පිළිබඳ මනා අවබෝධයක් ඇති සහ ප‍්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥතාවක් ඇති පුද්ගලයින්ගෙන් සමන්විත ස්වාධීන කමිටුවක් මගින් විශේෂ පරීක්ෂණයක් වහා පවත්වන ලෙස ඉල්ලා තිබේ.

පිටපත්, අගමැතිවරයාට හා කම්කරු ඇමතිවරයාට යොමු කරමින් ඉදිරිපත් කර ඇති ඒම පැමිණිල්ලේ සිංහල පරිවර්තනය පහතින් දැක්වේ.

2020 ඔක්තෝම්බර 11 වන දින

සභාපති
කෝවිඩ්-19 සම්බන්ධ ජනාධිපති කාර්යසාධක බලකාය
හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා
කාර්යසාධක බලකා කාර්යාලයය
රාජගිරිය.

සභාපති තුමනි,

කෝවිඩ්-19 වසංගතය මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කම්හලෙන් අලූතින් පැතිර යාම
පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලීම

මාස කිහිපයක් ඇතුළත කෝවිඩ්-19 වසංගතය මෙරටදී සාර්ථකව පාලනය කර තිබියදී, මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කම්හලෙන් ආරම්භ වූ කෝවිඞ්-19 වසංගතයේ පැතිරීම මේ වනවිට රට පුරා කිසියම් අවිනිශ්චිත තත්ත්වයක් ඇති වන්නට හේතුවී ඇති බැව් ඔබ හොඳින් දන්නා බව අපිදු දනිමු. එම පැතිරීම සමග බ‍්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ සේවකයින්ගේ ආශ‍්‍රිතයින් ලෙස සැළකුණු ඇතැම් සේවකයින් හේතුවෙන් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කම්හල් කිහිපයක්ද වසන්නට සිදුව ඇත.

ඒ අතර, මාධ්‍යවේදීන් ඔවුන්ගේ වගකීම් නොතකා ‘‘ආශි‍්‍රතයින්’’ මත වරද පැටවෙන අයුරු වාර්තා කිරීම හේතුවෙන් ඇගළුම් සේවක සේවිකාවන් වයිරසය පැතිරවීමේ වාහකයින් යැයි සමාජය හමුවේ දෝස දර්ශනයට ලක්ව ඇත. විශේෂයෙන් බ‍්‍රැන්ඩික්ස් සේවක සේවිකාවන්ට එල්ල කෙරෙන එවැනි චෝදනා සමග ඔවුන්ට නවාතැන් ගැනීම්, බස් ගමන් යෑම හා කඩ සාප්පු වලට යෑම පවා අවහිර කෙරෙන තත්ත්වයකට පත්ව ඇතැයි එවැනි අසීරුකම් විඳි සේවක සේවිකාවන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කරන දුක්ගැනවිලි මගින් හෙළි වන්නේය. මෙවැනි අයුතු ‘‘සමාජ ගැරහීම්’’ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට පමණක් නොව ඔවුන්ගේ පාසල් යන දරුවන්ටද එල්ල වන්නට ඉඩ ඇත. එබැවින් මේ වසංගතයේ නව රැල්ල බ‍්‍රැන්ඩික්ස් කම්හලෙන් මතු වන්නට හේතු වූ නිවැරදි මූලාශ‍්‍ර පිළිබඳවත් මේ වනවිට පැතිරීමේ තත්ත්වය පිළිබඳ නිවැරදි තොරතුරුත් ආසාදිතයින් හා ආශි‍්‍රතයින් නිරෝදායනය කිරීම සඳහා ගනු ලබන සියලූ පියවර පිළිබඳවත් සවිස්තරාත්මක නිල තොරතුරු ප‍්‍රකාශයට පත් කළ යුතුව ඇත.

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කම්හලෙන් මේ නව වසංගත රැල්ල ආරම්භ වූ ආකාරය පිළිබඳව මාධ්‍යයන්හි විවිධාකාර වාර්තා පලවන අතර, ඇතැම්වා එයට විසාකාපට්නම්හී සිට මෙහි රැගෙන ආ ශී‍්‍ර ලාංකිකයින් හෝ ඉන්දියානු ශ‍්‍රමිකයින් හේතුවී ඇතැයිද වාර්තාකර තිබිණ. ඒ සම්බන්ධව නිල ප‍්‍රකාශ කිරීමේදී බ‍්‍රැන්ඩික්ස් කලමනාකාරිත්වය මෙතෙක් ඉතා ප‍්‍රවේසමෙන් මග හැර ඇත.

විශේෂයෙන් පසුගිය දසකයේ හා ඊට පෙර අපනයන නිෂ්පාදනයෙහි නිරත ඇතැම් විශාල සමාගම් හා යෝධ ඉදිකිරීම් කටයුතු කරන සමාගම් අසල්වැසි රටවලින් ලාභ ශ‍්‍රමය ගෙන්වා ගත් බැව් සැබෑය. වසංගතය පැවතියද එය ඒ පමණින් නොවුනත් අඛණ්ඩව සිදු වූවකි. එවැනි පසුබිමක, පසුගිය ඔක්තෝම්බර 10 වන දින ‘‘පිරිස් නැවත ගෙන්වා ගැනීමේ බ‍්‍රැන්ඩික්ස් ගුවන් යානා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අධීක්ෂණයකර නැත – මහජන පරීක්ෂවරුන්ගේ සංගමය’’ යන සිරස් තලය යටතේ ඬේලි මිර පුවත් පතෙහි ගවේශනාත්මක වාර්තාවක් පළ විය. ගුවන් යානා තුනකින් 341 කු බ‍්‍රැන්ඩික් ආයතනය නැවත ගෙන්වා ගත්තේ යැයි ඔවුන්ගේ සමාගම් සන්නිවේදන ප‍්‍රධානී ඉමන්ති පෙරේරා මහත්මිය පැවසූ බවද එහි සඳහන්ව තිබුණි.

එබැවින් මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කම්හලෙන් ඇරඹි කෝවිඩ්-19 වයිරසය පැතිරීමට ඉන්දියානු සම්බන්ධයක් ඇතැයි වන සැකය තව තවත් වර්ධනය වන්නේ මෙතෙක් ඒ සම්බන්ධ පිළිගත හැකි විවෘත නිල ප‍්‍රකාශයක් බ‍්‍රැන්ඩික්ස් කලමනාකාරිත්වයෙන් සිදු නොකර ඇති හෙයින් ය.

අපනයන නිෂ්පාදන හා ඇගළුම් කර්මාන්තයේ සේවක සේවිකාවන් නියෝජනය කරන, කම්කරු ඇමතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වන ජාතික කම්කරු උපදේශක සභාවෙහි දිගු කලක නියෝජනයක් ඇති සහ එවකට සිටි කම්කරු ඇමතිවරයා විසින් පිහිටුවනු ලැබූ ‘‘කෝවිඞ්-19 බලපෑම් සඳහා විසඳුම් සෙවීමේ ත්‍රෛපාර්ශවීය කාර්ය සාධන කමිටුවේද’’ සභිකයෙකු වන වගකිව යුතු වෘත්තීය සමිතියක් ලෙස, මතු කෙරෙන මේ චෝදනා සඳහා අදාල කිසිදු පාර්ශවයකින් පැහැදිලි පිළිගත හැකි පිළිතුරක් නොදීම ගැන අපි කණස්සලූ වෙමු. එය සමස්ථ ඇගළුම් ක්ෂේත‍්‍රයටත් එහි සේවක සේවිකාවන්ටත් අගතිගාමීව බලපාන්නට ඉඩ ඇත.

එනිසා, මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කම්හලින් කෝවිඞ්-19 වසංගතය නැවත ආරම්භවීමේ මූලාශ‍්‍රයත් විසාකාපට්නම් හී සිට පැමිණි ඉන්දියානු හෝ ශී‍්‍ර ලාංකික පිරිසට මිනුවන්ගොඩ කම්හලේ සේවක සේවිකාවන් හා ඇත්ත සම්බන්ධයක් තිබුණිද නැද්ද යන්න පිළිබඳව පරීක්ෂා කිරීම අත්‍යාවශ්‍ය වන්නකි.

එම අවශ්‍යතාව අනුව, ‘‘මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කම්හලින් කෝවිඞ්-19 වසංගතය නැවත පැතිරීම, එයට නැවත පැමිණි ලාංකිකයින් හරහා හෝ ඉන්දීය සම්බන්ධයක් ඇතිද යන්න හා ඉන්දීය ශ‍්‍රමය හෝ ඉන්දීය අමුද්‍රව්‍ය එහි භාවිත වීද’’ යන කාරණා සම්බන්ධයෙන් අපනයන නිෂ්පාදන හා ඇගළුම් කර්මාන්තය පිළිබඳ මනා අවබෝධයක් ඇති සහ ප‍්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥතාවක් ඇති පුද්ගලයින්ගෙන් සමන්විත ස්වාධීන කමිටුවක් මගින් විශේෂ පරීක්ෂණයක් වහා පවත්වන මෙන් අපි ඔබගෙන් ඉල්ලා සිටිමු.

මේ මොහොතේ පශ්චාත් කෝවිඩ්-19 ය ආර්ථික පුනර්ජීවනය සඳහා ඇති අතිශය හදිසි අවශ්‍යතාව හමුවේ අපනයන නිෂ්පාදනය හා ඇගළුම් කර්මාන්තය ඉතා වැදගත් වන හෙයින් විශේෂ පරික්ෂණයක් සඳහා කෙරෙන මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ඔබ වහා පියවර ගනු ඇතැයි අපි විශ්වාස කරමු.

ස්තුතියි.
මෙයට විශ්වාසි

ඇන්ටන් මාකස්
සම ලේකම්
නිදහස් වෙළඳ කලාප සහ
පොදු සේවා සේවක සංගමය

පිටපත් ගරු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා
ගරු කම්කරු ඇමති නිමල් සිරිපාල මහතා
කම්කරු අමාත්‍යංශ ලේකම් එම්.පී.ඩී.යු.කේ. මාපා පතිරණ මහතා
ලේකම් එකාබද්ධ ඇගඵම් සංගම් සංසදය
ජාතික කම්කරු උපදේශක සභාවේ සියඵම වෘත්තිය සමිති වෙත

Social Sharing
නවතම