ආයෝජන කලාප වැසීම කොවිඩ් පාලනයට පිලිතුරක් නොවේ – ඇන්ටන් මාක්ස්

සේවකයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන අයුරින් කටයුතු කළ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා ලිඛිත පැමිණිල්ලක් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉදිරිපත් කළ බව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ ඇන්ටන් මාක්ස් මහතා පවසයි.

සේවකයින් කියන ආකාරයට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය  සේවකයින්ට නිවාඩු නොදී නිෂ්පාදන මට්ටම ඉහළ නංවා ගැනීමට කටයුතු කිරීම, අසනීප වු විට බෙහෙත් ලබා නොදීම ආදි කරුණු සම්බන්ධයෙන් මෙහිදි විශේෂ අවධානයක් යොමු කළ බවත් මෙම ආයතනයට විරුද්ධව අද (12) දිනයේ කම්කරු දෙපාර්තමේන්තුවටද ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවත් ඔහු පවසයි.

එමෙන්ම ඔහු කියා සිටින්නේ කොරෝනා පැමිණි පහුගිය මාර්තු මාසයේදී කම්කරු දෙපාර්තමේන්තුව, ආයතන හාම්පුතුන් මෙන්ම සේවක වෘත්තිය සමිති අතර පැවති සාකච්ඡාවකදී සෑම ආයතනයක් තුලම සෞඛ්‍ය කමිටු පිහිටුවා ගැනීමට යෝජනා වුවත් ඒය කම්කරු දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක නොකළ බවය. ඒසේ පිහිටුවා තිබුණේ නම් අද මෙවන් ව්‍යවසනයක් සිදු නොවන බවද  ඇන්ටන් මාක්ස් මහතා කියයි.

මේ වන විට කටුනායක නිදහස් වෙළඳ කලාපය තුල ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය පාලනයට කර්මාන්තශාලා වැසීම පිළිතුරක් නොවන බවත් ආයතනයක් වහන පමණින් එය ආරම්භ කිරීම පහසු නොවන බවද ඔහු කියයි. විශේෂයෙන්ම එහිදී සේවකයින්ගේ සෞඛ්‍ය, ඔවුන්ගේ ආදායම, රැකියාව සුරක්ෂිත කරමින් කර්මාන්තශාලා පවත්වාගෙන යා යුතු බව පෙන්වා දෙන ඇන්ටන් මාක්ස් මහතා පවසන්නේ ඇතැම් සංවිධාන මේ වන විට කටුනායක වෙළඳ කලාපයේ සියල්ලන්ටම මේ වෛරසය ආසාදනය වන ආකාරයෙන් සේවක සේවිකාවන් බියට පත් කර ඇති බවය.

ශානිකා

Social Sharing
නවතම