“බ්‍රැන්ඩික්ස්” නොසැලකිල්ල මුලු රටම අනතුරේ හෙලයි!

කටුනායක හා බියගම නිදහස් වෙළද කළාපය ඇතුලු මෙරට ප්‍රධන පෙලේ ඇඟලුම් කම්හල් කිහිපයකම කෝවිඩ් 19 වෙරසය ශරීර ගත වූ රෝගීන්  වාර්තා වීම නිසා සැලකිය යුතු කර්මාන්ත ශාලා කිහිපයක් මේ වන විට වසා දමා තිබේ.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ලංකා ආයතනයෙන් සොයා ගත් පළමු සේවිකාවගෙන් පසුව මේ වන විට ඒම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් ඇතුලු ආශ්‍රිතයින් 1304 දෙනෙකුට මෙම වෛරසය ආසදනය වී ඇති බව සෞඛ්‍ය අංශ අද වාර්තා කරයි.

මේ අතර කටුනායක නිදහස් වෙළද කලාපයේ පිහිටි “නෙක්ස්ට්” ආයතනයේ ද මෙම වෛරසය ආදනය වූ රෝගීන් වාර්තා වූ අතර, අද වන විට ඒම ආයතනයේ සේවය කළ සේවක සේවිකාවන් 14 දෙනෙකුට මෙම වෛරසය ආසාදානය වී තිබේ. මේ හේතුවෙන් කටුනායක නිදහස් වෙලද කලාපයේ කර්මාන්ත ශාලා කිහිපයක් ද මේ වන විට වසා දමා තිබේ.

මෙරට ප්‍රධාන පෙළේ තවත් ඇඟළුම් කර්මාන්ත ශාලාවක් වන තිහාරියේ පිහිටි ‘හෙල ක්ලෝතින්’ කර්මාන්ත ශාලාවේ සේවයකයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. එම කර්මාන්ත ශාලාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේත් තාවකාලිකව කර්මාන්ත ශාලාව වසා දමා ඇති බවත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් කොරෝනා පරීක්ෂාවට ලක් කර ඇති බවත්ය.

සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මෙම සියලු කර්මානත් ශාලාවන් වෙත, මෙම වෛරසය පැතිරී ඇත්තේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ලංකා කර්මානත ශාලවේ ආසාදිතයින් හරහා බවයි. අද සොයාගත් තිහාරියේ පිහිටි කර්මාන්ත ශාලාවේ ආසාදිතයා ගේ බිරිඳ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු වූ අයෙකි. කටුනායක නෙක්සට් කර්මාන්ත ශාලාව වෙත මෙම වෛරසය පැමිණ ඇත්තේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ යොදවා සිටි “මෑන්පවර්” සේවකයින් හරහා බව පැවසේ.

බියගම කර්මාන්තපුරයේ සොයා ගත් සේවකයාද කලක් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කර මෑතකදී ඉන් ඉවත් වී නව සේවකයෙකු ලෙස බියගම කර්මාන්ත ශාලාවේ සේවයට එක් වූ අයෙකු බව වාර්තා වේ.

Social Sharing
නවතම