“කොවිඩ් සමඟ විභාග” දරුවන් සුරක්ෂිතද?

රට තුළ දැනට පවත්නා කොවිඩ් ව්‍යාප්ති තත්වය හමුවේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ පූර්ණ වශයෙන් සැලකිලිමත් වෙමින්, අවදානම හැකි උපරිමයෙන් අවම වන අයුරින් විභාගය පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සුදානම් කර ඇති බව අධ්‍යාපන ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

මෙවර 5 වසර ශිෂ්‍යත්වය සඳහා ඇත්තේ තවත් ඒක් දිනක් පමණි. හෙට (11) පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2936 කදී පැවැත්වීමට නියමිත අතර සිසුන් 331,694 කු විභාගය සඳහා පෙනී සිටිති.

මේ අතර අ.පො.ස උසස් පෙළ විභාගය අනිද්දා (12) දින ආරම්භ වී නොවැම්බර් 06 දක්වා පැවැත්වේ.  මධ්‍යස්ථාන 2648 කදී සිසුන් 362,824 කි.

එක් විභාග මධ්‍යස්ථානයක සිසුන් 160ක් වන පරිදි මෙවර විභාග පැවැත්වීමට සුදානම් කර ඇත.

දැනට නිරෝධායන ඇඳිරි නීතිය පවත්නා ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18ක් අවරණය වන පරිදි විශේෂ විභාග මධ්‍යස්ථාන 12ක් පිහිටුවා ඇති අතර  ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වෙනත් දිස්ත්‍රික්කයක පිහිටි විභාග මධ්‍යස්ථානයක් වෙත ගමන් නොකට තම පොලිස් බල ප්‍රදේශය සඳහා වෙන්වූ විශේෂිත විභාග මධ්‍යස්ථානය තුලදී ශිෂ්‍යත්ව විභාගයට හා උසස් පෙළ විභාගයට පෙනී සිටීමේ හැකියාවද මෙවර සිසුන්ට ඇත.

සියලු විභාග මධ්‍යස්ථාන තුළ මේ වනවිටත් විශබීජහරණ කටයුතු සිදුකර ඇති අතර සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුගතව මුඛ ආවරණ පැළඳ විභාග ශාලා පරිශ්‍රයන් වෙත පැමිණීමට දෙමව්පියන්, සිසුන් සහ සියලු කාර්ය මණ්ඩල දැනුවත් කර ඇති බව පවසන අධ්‍යාපන අමත්‍යාංශ ලේකම්වරයා කියා සිටින්නේ රට තුළ දැනට පවත්නා කොවිඩ් වෛරසයේ ව්‍යාප්ති තත්වය හමුවේ දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව අනතුරේ නොදමා ඔවුන්ට යහපත් මානසික තත්වයකින් විභාගයට මුහුණදීමට හැකි උපරිම ඉඩප්‍රස්ථා සැලසීම සමාජ වගකීමක් ලෙස සලකා කටයුතු කරන ලෙස සියලු මහජනතාවගෙන් ඉල්ලා සිටින බවය.

අ.පො.ස උසස් පෙළ සහ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාග පැවැත්වීම සම්බන්ධයෙන් විභාග මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන ආකාරය සහ සිසුන්ට ප්‍රවාහන පහසුකම් සැපයෙන ආකාරයත්, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව විභාගය පැවැත්වීමට කටයුතු යොදන ආකාරයත් පැහැදිලි කිරීම සඳහා ඊයේ (09) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දී මේ අදහස් පළ කර තිබුණි.

එමෙන්ම මෙහිදී සිසුන්ට අවශ්‍ය පොදු  ප්‍රවාහන පහසුකම් හා  එකී ප්‍රවාහන වැඩපිලිවෙල සම්බන්ධයෙන්ද මාධ්‍ය දැනුවත් කර තිබුණි.

මොවුන් පවසන අයුරින් සියල්ල සුරක්ෂිතව සිදු වේ. නමුත් සමාජයේ සැඟව සිටින කොවිඩ් ආසාදිත වාහකයෙකුගෙන් මෙම සිසුන්ට රෝගය බෝ වීමේ ප්‍රවණතාවයක් නැතැයි කීමටවත්, ඒ් පිලිබඳ සහතික වීමටවත් නොහැකිය.

පෙර කොරෝනා වෛරසයට වඩා මෙවර මතුව ඇති වෛරසයේ සාන්ද්‍රණය වැඩි බව රජයේ වෛද්‍යවරුන් පිළිගන්නා දෙයකි. ඒමෙන්ම පහුගිය කාලයට වඩා මෙවර සීඝ්‍රයෙන් සතියක් තුල කොරෝනා අසාදිතයින් 1200 ඉක්මවා යාමද අපට සුලුවෙන් තැකිය හැකි කරුණක් නොවේය.

විශේෂයෙන්ම සෞඛ්‍ය අංශ පවසන පරිදි ඉදිරි පැය 72 හෝ 48 තීරණාත්මකය. එවන් පසුබිමක් තුල බොහෝ දෙමාපියන් බලාපොරොත්තු වුයේ මෙවරත් විභාගය කල් යනු ඇති බවය. නමුත් රජය එකහෙලා පැවසුයේ විභාග කල් නොදමන බවත් නියමිත දිනට පවත්වන බවත්ය.

තවමත් සිටින්නේ බාහිර සමාජයෙන් රෝගීන් සොයා ගනිමිනි. එවන් පසුබිමක විභාගයට යන දරුවන් සුරක්ෂිත වන්නේ කෙසේද?

Social Sharing
නවතම