බ්‍රැන්ඩික්ස් නිසා කටුනායක කර්මාන්ත ශාලාවක් වසා දැමේ.

තෙවන පොකුර ලෙස සක්‍රීය වූ කොරෝනා ආසාදිත මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් සංඛ්‍යාව ගත වූ දින කිහිපය තුල ඉතා විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.

වැලිසර බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් පිරිසක් සති 02 ක පුහුණුවක් සඳහා මිනුවන්ගොඩ මෙම ශාඛාවට ඒවා ඇති අතර ඔවුන්ද මේ වන විට ආසාදිත තත්ත්වයට පත්ව ඇත.

මේ අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතුව සිට මේ වන විට කොරෝනා ආසාදිතව සිටින බොහෝ අයගේ පවුල් වල පුද්ගලයින් කටුනායක ATG කර්මාන්තශාලාවේ සේවය කරන බැවින් ඒම කර්මාන්තශාලාවද අනතුරට ලක්වන හෙයින් ලබන 12 තෙක් ඒම කර්මාන්තශාලාව වසා දැමීමට ඊයේ (07) තීරණය කර ඇත.

එමෙන්ම ඊයේ දිනය වන විට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ළමා රෝග වෛද්‍යවරයෙකුටද කොරෝනා ආසාදනය වී ඇත. ඔහු උඩුගම්පල, කොටුගොඩ පාරේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වගෙන ගිය අයෙකු වන අතර කොරෝනා ආසාදිත අයෙක් ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගන්නට ඇතැයි සැක කෙරේ.

මේ අතර මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ පළමු රෝගියා බ්‍රැන්ඩික්ස්  ආයතනයෙන් පළමුව හදුනාගත් කාන්තාව නොවන බවත් ඇය අතරමැදියෙක් විය හැකි බවත්  වසංගත රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා  ඊයේ (07) දින ප්‍රකාශ කර තිබුණි.

බ්‍රැන්ඩික්ස් ආයතනයෙහි සේවකය කළ සේවකයින් 20 වනදා සිට ශ්වසන රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇතැයිද ඔහු පවසයි.

ඒ අනුව මෙම වෛරසය සැප්තැම්බර් මාසයේ සිටම කර්මාන්තශාලාව තුල තිබී ඇති බව අනාවරණය වන අතර ආසාදිත කාන්තාව හඳුනා ගැනීමට ලැබුණේ ඇය ගම්පහ රෝහලේදි අහඹු ලෙස PCR පරික්ෂණයකට යොමු වීම නිසාය. නැතහොත් තවදුරටත් සේවක සේවිකාවන් අසනීප තත්ත්ව මතසිට සේවය කරනු ඇත.

අප සිතන්නේද බාහිර සමාජයේ කොරෝනා නොමැති බවය.

-ශානිකා-

Social Sharing
නවතම