පොදු ප්‍රවාහන සේවයේ සෞඛ්‍ය මාර්ගෝපදේෂ කෝ?

කොරෝනා යළි හිස එසවීමත් සමඟ පොදු ප්‍රවාහන සේවාවන්හි යළිත් සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව ක්‍රියාත්මක කරන බව වාහන නියාමන, බස් රථ ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කර සිටියේ ඊයේ (04) දිනයේදිය.

විශේෂයෙන් ලංගම හා පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ වල ආසන සංඛ්‍යාවට පමණක් මඟීන් රැගෙන යන ලෙස උපදෙස් ලබා දි ඇති බව පැවසුවේය.

ඒමෙන්ම පොදු ප්‍රවාහන සේවයේ ගමන් කරන ජනතාවද මුහුණු ආවරණ පැළඳ සිටීම අනිවාර්ය කර සිටියේය. මේ අතර දුම්රිය නියෝජ්‍ය ගමනා ගමන අධිකාරි වී.ඒස් පොල්වත්තගේ මහතා ප්‍රකාශ කර සිටියේ දුම්රිය ස්ථාන වෙත පැමිණෙන මඟීන්ගේ ශරිර උෂ්ණත්වය පරික්ෂා කිරිම, අත් සේදීමේ පහසුකම් ලබා දීමට කටයුතු කරන බවය.

නමුත් අද (05) දිනයේ කාර්යාල වෙත ගිය පොදු ප්‍රවාහනයෙන් ගමන් කළ කිසිවෙකුටත් මෙම සෞඛ්‍ය උපදෙස් දකින්නට නොලැබුණි. වෙනදාට මහ මඟ ගමන් කළ පොදු මඟී බස් රථ පවා සෙනඟ නැතැයි පවසමින් ගම්පහට පැමිණිමෙන් වැළකී සිටීම නිසා කාර්යාල වෙත පොදු ප්‍රවාහනයෙන් යන ජනතාව දැඩි ලෙස අසීරුතාවට පත් විය.

දුම්රිය ස්ථාන වලට ඇතුලු වීමේදි ශරිර උෂ්ණත්වය පරික්ෂා කරන අයුරු කිසිදු දුම්රිය ස්ථානයකින් දක්නට නොලැබුණි. මුඛ ආවරණ පැලඳ සිටියද දෑත් සෝදන පුද්ගලයින්ද දක්නට ලැබුණේ අතලොස්සකි.

-ශානිකා-

Social Sharing
නවතම