1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනයට

ගම්පහ පස් ජාවාරම් කිරීම ඇතුලු අපරාධ රැසකට අවශ්‍යව සිටි හීනටියන අසිත රඳවා සිටියේ මීගමුව බන්ධනාගාරයේය. නමුත් ඔහුගේ නඩු පැවතුණේ ගම්පහ, අත්තනගල්ල අධිකරණ වලය. ඒ නිසා බන්ධනාගාර නිලධාරීන්ට ඔහුව අනිවාර්යෙන්ම අධිකරණය වෙත කැඳවාගෙන ආ යුතු විය. ඔහුගේ විරුද්ධ පාර්ශවය සිටියේ ඔහුව ඝාතනය කිරීමට සැලසුම් කරමිනි. ඒ අනුව ගම්පහ පාලම අසලදී බන්ධනාගර බසයට වෙඩි තැබුවද හීනටියන අසිත ඉන් තුවාල ලැබුවා පමණි. නමුත් ඔහුට පසුව මීගමුව බන්ධනාගාරය තුලදීම ඝාතනය වන්නට සිදු විය. එය වෙනත් කථාවකි.

මේ අතර කඩුවෙල සමයං ද පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව රඳවා තැබුණේ කලුතර බන්ධනාගාරයේය. ඔහුව නඩු සඳහා කඩුවෙල අධිකරණයට ගෙන ආ යුතු විය. ඔහුගේ විරුද්ධවාදීන්ද පැය විසි හතර පුරා බැලුයේ සමයං ඝාතනය කරන්නටය. ඒ අනුව කළුතර, එතනමඩලේදී බන්ධනාගාර බසයට වෙඩි තබා සමයං ඇතුලු බන්ධාගාර නිලධාරීන් පිරිසක් ඝාතනය කළ අයුරු අප මතකයේ ඇත.

දරුණු ගණයේ අපරාධකරුවන් රැගෙන යනවිට බන්ධනාගාර නිලධාරීන්ද පත්වන්නේ මහත් අපහසුතාවයටය. ඇතැම්විට පැන යයි. මෙවැනි සිදුවීම් දිගින් දිගටම සිදුවුවද ඒ පිලිබඳ කිසිවෙකුගේ අවධානය යොමු වුයේ නැත. නමුත් වත්මන් ආණ්ඩුව ඒ පිලිබඳ අවධානය යොමු කොට අධිකරණය වෙත සිරකරුවන් රැගෙන යාමේදි සහ ඒමේදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම වළකාලමින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අදාල නියෝග දීර්ඝ කිරීම සඳහා මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ඉවත් කිරීමට මහේත්‍රාත්වරයාට බලය පැවරීම පිණිස 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබු නමුත් පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම හේතුවෙන් ඒ සඳහා අනුමැතිය ලබා ගැනිමට නොහැකි විය.

කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ පැන නැගී ප්‍රවණතාද සැලකිල්ලට ගෙන නවීන තාක්ෂණය යොදාගෙන ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය භාවිතයෙන් චූදිතයින්ට සහ සැකකරුවන්ට අධිකරණයේ පෙනී සිටිම සඳහා පහසුකම් සැලසිමටත්, වෙනත් නඩුවක අධිකරණ නියෝගයක් යටතේ දැනටමත් පුනරුත්ථාපනය වෙමින් පවතින චූදිතයින්ට සහ සැකකරුවන්ටද එම පහසුකම් සැලසීමටත් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

-ශානිකා-

Social Sharing
නවතම