විනාඩි 8යි තත්පර 46යි: ජෝර්ජ් ෆ්ලොයිඩ් මැරුණේ කොහොමද? අලුත් වීඩියෝ සාක්ෂි

මෙම වීඩියෝවේ අතිශය ප්‍රචණ්ඩ ක්‍රියා සහිත දර්ශන අඩංගු වන බව සැලකිල්ලට ගන්න

“මට හුස්ම ගන්න බෑ” යන අවසන් වදන් පෙලින් මානව හිමිකම් අගයන දශ ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ හෘද සාක්ෂිය සසල කොට පොලිස් දනිස්වලට හිරවී ඇමරිකාවේ මහමග මියගිය කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය ලොව පුරා විරෝධතා අවුළුවමින් සිටි.

ජූනි 9 සඳුදා අවසන් කටයුතු පැවැත්වීමට නියමිත ඔහුගේ බෙල්ල, කඳ සහ දෙපා මත දණගසා මරා දැමීමේ චෝදනාවට වැඩ තහනම් කරනු ලබා නඩු පවරා ඇති පොලිස් නිලධාරීන් තිදෙනා ඩෙරෙක් ෂෝවින්, ටූ ටාඕ, තෝමස් ලේන් හා ජේ ඇලෙක්සැන්ඩර් කුඔන්ග්.

ආරක්ෂක කැමරා දර්ශන, සාක්ෂිකරුවන්ගේ වීඩියෝ පට සහ නිල ලේඛණ විමර්ශනය කොට නිව්යෝර්ක් ටයිම්ස් මාධ්‍යවේදීන් පිරිසක් විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ මරණය මැයි 25 දා සිදුවූ ආකාරය පිළිබඳව සකස්කරනලද ගවේශනාත්මක වීඩියෝවේ සිංහල පරිවර්තනයයි මේ.

Social Sharing
නවතම