“20 ගැන නැවත සිතන්න” ජාතික සාම මණ්ඩලය රජයෙන් ඉල්ලයි!

19 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් ගෙන එන ලද විධායක ජනාධිපතිවරයෙකුගේ බලතල සීමා කරන ලද සංවරණ හා තුලන මායිම් සීමා මායිම් සියල්ල අභිබවා යමින් අසීමිත බලයක් 20 වෙනි සංශෝධනයෙන් ලබා දී ඇති බවත් මෙය අපගේ කාර්යයට අදාල වන ව්‍යවස්ථා කාර්යමය විධිවිධානයක් ඉවත් කිරීමක් ගැන කණගාටු වනවා යැයි ශ්‍රි ලංකා ජාතික සාම මණ්ඩලය කියයි.

ඔවුන් මේ බව නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා ඇත.

33 (1) (ආ) වගන්තියේ සඳහන් වන්නේ ජනාධිපතිවරයා ජාතික සංහිඳියාව හා ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කළ යුතු බවය. 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් සංහිඳියා කාර්යයට නායකත්වය දීමට බලතල වෙන්වුයේ ජනාධිපති කාර්යාලයට බව ජාතික සාම මණ්ඩලය පවසයි.

20 වෙනි සංශෝධනය වර්තමාන සැකැස්ම තුලින් ඉදිරියට යාමේ අවශ්‍යතාව නැවත සලකා බලන ලෙස ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක ජෙහාන් පෙරේරා රජයෙන් ඉල්ලා සිටියි.

මේ වන විට 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා හදිසි අවශ්‍යතාවයක් නොමැති බවත් එය නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරනතෙක් අන්තර්වාර පියවරක් බවද පෙන්වා දෙන ජාතික සාම මණ්ඩලය කියා සිටින්නේ 20 වෙනි සංශෝධනය යනු 2010 දී සම්මත කරන ලද 18 ව්‍යවස්ථා සංශෝධනයට නැවත පැමිණීම හා සම්පුර්ණයෙන් ඒ හා ව්‍යවස්ථාවක් බවය.

-ශානිකා-

“20 ගැන නැවත සිතන්න” ජාතික සාම මණ්ඩලය රජයෙන් ඉල්ලයි!

“20 ගැන නැවත සිතන්න” ජාතික සාම මණ්ඩලය රජයෙන් ඉල්ලයි!

Social Sharing
නවතම