20ට විරැද්ධවන ලෙස ඔහුගේ නංගි විදුරගෙන් ඉල්ලයි

හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ වැඩිමහල් පුත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක වෙත ඇයගේ නැගනිය වන වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය විවෘත ලිපියක් යොමුකරමින් තම යුතුකම ඉටුකරමින් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිවන මෙන් ඔහුට ආයාචනා කරයි.

ඇයගේ මුහුණු පොත හරා කර ඇති ඒම ඉල්ලීම අනුව, ඔයාට අහිමි වෙන්න දෙයක් නෑ. අලාභයක් වෙන්න දෙයක් නෑ. නමුත් ඔයාගේ හෘද සාක්ෂියට එකගව ඉතිහාසගත එකම වැඩ බලපු ජනාධිපතිගේ ලොකු පුතා හැටියට මේ වෙන්න යන විපත වළක්වන්න. රටේ දැන් වෙන්නේ පක්ෂ ප්‍රතිපත්තියට අදාල කිසිවක් නොවේ. 2010-15ටත් වඩා දරුණු පවුල් ප්‍රතිපත්තියක් කියලා ඔයා හොදටම දන්නවා.

දරුවන් අනාතයි. පරිසරය විනාශයි. නීතිය විකුර්තියි. අයිතීන් කම්මුතුයි. Bullet proof vest එකක් ඇදලා වත් මේ වින්නැහියෙන් බේරෙන්න බෑ. වරප්‍රසාද කිසිවක් බලපොරොත්තු නොවන, අවංකවම මිනිසුන් ගැන කැක්කුමක් ඇති ඔයාට පුලුවන් 20වන සංශෝදනයට විරුද්ද වෙන්න. මුතු ඇටයේ People Power නියමුවා වෙන්න. වෛද්‍ය තුෂ් වික්‍රමනායක විසින් තම මුහුණු පොත හරහා සිදු කර ඇති ඒම ආයාචනය පහත දැක්වේ.

My Dear Loku Machang Vidura Wickramanayaka

20ට එරෙහි වෙන්න –  යුතුකම ඉටු කරන්න.

තෙරුවන් සරණයි!

ලොකු අයියේ, පොඩි කාලේ මම ඔයාට ලියුම් ලිව්වේ “ලොකු මචං” කියලා. පොඩි අයියට “පොඩි මචං” කියලා.

මම ඔය දෙන්නට වඩා ගොඩක් බාලයි. පවුලේ බාලයා නිසාත්, ගෑනු දරුවෙක් නිසාත්, ඉස්සර නම් පවුලේ කිසිම වැදගත් සාකච්චාවකට වත්, දේශපලන විවාදයකටවත් එකතුවුණේ නෑ. නමුත් මමත් දැන් යමක් කමක් තේරෙන වැඩිහිටියෙක්.

අපිට උරුම වූ රටක්, රටට යන කලක්, මගෙ පොඩි උන්ට ඉතුරුවෙන රටක් ගැන මම බොහොම කනස්සල්ලෙන් දිනපතාම කල්පනා කරනවා. අවාසනාවකට මම පරිනත වෙනකොට අපේ ගුරුන්නාන්සේලා දෙන්නම අපිට අහිමිවෙලා.

මුලින්ම ඔයාට සුභ පතනවා තත්තිගෙ රෙකොර්ඩ් එක සම කලාට. කලුතර අංක 1 – වික්‍රමනායක! ඒ වගේම ඔයාට ලැබෙන තනතුරු ගැනත් මට සන්තෝසයි. නමුත් තාත්ති වගේම ඔයත් පට්ටම් බලාගෙන දේශපාලනය නොකරන බව මම දන්නවා. ඒ නිසයි මම මේ කන්නලව්ව පොදු ජාලාවකින් කියන්න හිතුවේ.

මම ඉපදෙන කොටත් තාත්ති පරිනත දේශපාලග්නයෙක්. ඕගොල්ලන්ට තරම් වත් තාත්ති මගේ ජීවිතේට සම්බන්ද වුණේ නෑ. ඔහු රටේ පියා මිස අපේ පියා වුනේ කලාතුරකින්. අම්මිගෙ පුදුමාකර ධර්‍ය නොමැතිව අපි කාණුවක මිය ගිහින් කියපු ඒ කතාවේ සත්‍ය මට දැනුයි අවබෝධ වෙන්නේ. ඇයයි ඔබේ මුලු ජීවිතයේම සෙවනැල්ල වූයේ. කොටින්ම, තෙවරක් අගමැති වූත්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ එකම වැඩ බලන ජනාධිපතිවූත්, රටේ පියා වූ අපේ පියාවත්, රාජ්‍ය ඇමතිවන පවුලේ වැඩිමලා වන ඔබවත් ඇය නොහිටින්න දේශපාලනයේ වැජඹෙන්නේ නැත.

ඔයාගේ දේශපාලන ගමන් බිමට මුලින්ම මම එකතුවුනේ 2010 මහ මැතිවරණ කැම්පේන් එකේ කාන්තා නියෝජිතවරිය ලෙසයි. ඔයාට යන්න බැරි වුනු සෑම ගමකටම මම ගියා. ඔයාගෙ ගුන වර්ණනා කරලා ඔයාව මිනිසුන්ට හදුන්වා දුන්නා. ඒ පාර ඔයා කලුතර අංක 7න් නූලෙන් බේරුනා. අගමැති වෙච්ච තාත්තටවත් බැරි වුණා දේශපාලුවන් එක්ක හැප්පිලා පුතාව නම්බර් 1 කරන්න.

නමුත් අපි පාලු දේශපලනයක් නොකරපු පවුලේ දරුවන්. එකම කැලලක් නැතුව, එකම චෝදනාවක් නැතුව, වාහනයක්, ටෙලිපෝනයක්, ආරක්ෂක භටයෙක් නැතුව, කිසිම බලතල අවභාවිතයක් නැතුව ඇත්තටම පොළොවේ පයගහලා ජීවත්වෙන්න පුලුවන් වෙන්න හදපු ළමයි තුන් දෙනෙක්. ඔයා වත්, පොඩි මචං තරම් වත් මම දේශපාලනයේ පිච්චියක වාසියක් නොලබපු නම්බුකාර පුරවැසියෙක්. ඒ පුරවැසි  වගකීමයි අද මම සපුරන්නේ.

අයියේ, අපි කෙලින් කතා කරමු. ඔයා හොදටම දන්නවා අග්‍රාමත්‍ය රත්නසිරි වික්‍රමනායක, 2010-2015 දෙවන අදියරේ නැගී ආ පවුල් බලය ගැන විරුද්ද වුනු කෙනෙක්. ඒකට වන්දිය එතුමා තනතුරෙන්ම පුද කලා. රූකඩ අගමැති කෙනෙක් ඊට පස්සේ පත් කරගත්තේ ඒකනෙ. නමුත් රත්නසිරි කිසි දිනක පට්ටමක් ලබා ගැනීමටවත්, පට්ටම තබා ගැනීමටවත් තම ප්‍රතිපත්ති බිල්ලට දුන්නෙත් නෑ, දණින් වැටුනෙත් නෑ. එහෙම වුණානම් ජේශ්ඨතම සුදුස්සා වූ ඔහුයි රටේ විධායක ජනපති වන්නේ.

නමුත් ඔහු නිර්භය දෙශප්‍රේමි නියමුවෙක් වුණා. අග්‍රාමත්‍ය ලෙස ජාත්‍යන්තරයට ගිය ඔහු රටේ ස්වාධීනත්වය නොපැකිලී තහවුරු කලා. අවි බිම නොදැම්මොත් උන්ඩයෙන් මැරුම් කන්න ලෑස්ති වෙයන් කියලා අහිංසක මිනිසුන් බිලිගත් ත්‍රස්තවාදීන්ට විවෘත වේදෙකාවකදී බුලට් පෘෆ් වෙස්ට් (bullet proof vest) එකක් නොඇද රතු එලියක් නිකුත් කලේ දැන් ලකුණු දාගන්නා ලේකම්වරු නොවේ. ඒ කතාව අහලා භයවුනු මම, ජීවිතයේ පළමු වතාවට ඔහුගේ දේශපාලනය ගැන එංගලන්තයේ ඉදන් කෝල් කරලා ඔහුට පරිස්සම් වෙන්න කියලා අඩ අඩා ඉල්ලනකොට ඔහු කිව්වේ “දුවේ, suicide bomber (මරාගෙන මැරෙණ බෝම්බ කරුවෙක්) කෙනෙක් ඇවිත් මොනවා කලත් බේරෙන්නේ නෑ”. යථාර්ථය හදුනාගත් දේශ සේවකයාව මම මුල් වරට හදුනාගත්තේ එදයි.

තාත්ති නැති වුණේ 2016 දෙසැම්බර් 27. අවසන් මොහොත තෙක් කල්පනා ශක්තිය තියුණුව තිබුනා. 2016 අප්‍රේල් මාසයෙත් ජනාධිපති සිරිසේනට තමන්ගේම අතින් ලියූ ලිපියක මෙහෙම ලිව්වා “පක්ෂය එක් සේසත් කොට රටේ සෞභාග්‍යය උදෙසා කටයුතු කිරීමට ඔබට ශක්තිය ලැබේවා. ලබන්නාවූ නව වසර සුභ වේවා”. කෙලින් කතා කරපු ජනාධිපති උපදේශක නියමුවාට සවන් නොදීමේ විපාක රටටම පල දුන්නා.

ඔයත් කතා කරන්නේ bullet proof vest එකක් නැතුව.

ඔයාගේ එකම බලාපොරොත්තුව වුණේ දේශපාලකයෙක් වෙන්න. අම්මි ඔයාව එයින් ඈත් කරන්න බැලුවත්, පිලිපීනයට යැව්වත්, ඔයාගේ දොලදුක නිවුනේ නෑ. රටේ ප්‍රථම විධායක ජනාධිපති, J R ජයවර්ධන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොදු නාරටිය කඩන්න මැතිණිවයි, තාත්තිවයි අනෙක් ජේෂ්ඨ සාමාජිකයන්වයි ‘නැක්සලයිට්’ කියලා හිර කරගෙන ඉන්නකොට ඔයා පිලිපීනයේ ඉදන් තාත්තිට ලියුම් එව්වා. පිලිපීනයේ ඒකාධිපති ජනපති මාර්කොස් ට විරුද්දව නැගුනු People Power (පුරවැසි බලය) වගේ මහ ජනතාව එකතු කරගෙන රජය පෙරලන්න කියලා ඔයා උපදෙස් දුන්නා මතකද? ඒ ලියුම් දැක්ක මිලිටරි භටයෝ J R ට දන්වලා ඔයාව හොයනකොට අම්මියි උන්ව නොමග යැව්වේ.

අයියේ, තාත්තිගේ දේපළ සියල්ල ඔයාටත්, පොඩි අයියටත් පමණක් දුන්නේ අම්මිව අන්ත අසරණ කරලා. ඇයගේ අවසන් කාලයේ ඇයට රැකවරණය තනිවම දුන්නේ මමයි. ඔයාට සල්ලි වියදම් කරලා පිටරට ඉගැන්නුවා. ඔයාට ඉන්න ගෙයක් දුන්නා. වාහනයක් දුන්නා. වතු දුන්නා. කුඹුරු දුන්නා. දේශපාලනයට උදව් කලා. පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද වලින් කාර් පර්මිට් දෙකක් විකුනපු සල්ලි ලැබුණා.  විශ්‍රාමික වැටුපකට හිමිකම් තියනවා.

ඔයාට අහිමි වෙන්න දෙයක් නෑ. අලාභයක් වෙන්න දෙයක් නෑ. නමුත් ඔයාගේ හෘද සාක්ෂියට එකගව ඉතිහාසගත එකම වැඩ බලපු ජනාධිපතිගේ ලොකු පුතා හැටියට මේ වෙන්න යන විපත වළක්වන්න. රටේ දැන් වෙන්නේ පක්ෂ ප්‍රතිපත්තියට අදාල කිසිවක් නොවේ. 2010-15ටත් වඩා දරුණු පවුල් ප්‍රතිපත්තියක් කියලා ඔයා හොදටම දන්නවා.

දරුවන් අනාතයි. පරිසරය විනාශයි. නීතිය විකුර්තියි. අයිතීන් කම්මුතුයි. Bullet proof vest එකක් ඇදලා වත් මේ වින්නැහියෙන් බේරෙන්න බෑ. වරප්‍රසාද කිසිවක් බලපොරොත්තු නොවන, අවංකවම මිනිසුන් ගැන කැක්කුමක් ඇති ඔයාට පුලුවන් 20වන සංශෝදනයට විරුද්ද වෙන්න. මුතු ඇටයේ People Power නියමුවා වෙන්න.

මට අද වගේ මතකයි…අවුරුදු 17න් දේශපාලන වේදිකාවේ ඔයාගෙ කුලුදුල් කතාවේදී, හාල් මැස්සෙක් වගේ සිහින් සිරුරක් තිබ්බ ඔයා කමිසේ ඇරලා පෙන්නුවා “රත්නසිරිගෙ ලොකු එකා” කියලා. මට එතකොට යන්තම් අවුරුදු 10යි.

ලොකු මචං, ඔයා එදා සිහින මැවූ, පොරොන්දු වූ රට අපි අද හදමු. අපේ වෙනස්කම් ඉවත දමා එක් වෙමු. අපි දෙන්නම තාත්තගේ කපාපු bullet proof පලු. මම නැතුවා හෝ ඔබට රට බේරා ගැනීමට ධර්‍ය, ශක්තිය සහ වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

20ට එරෙහි වෙන්න –  යුතුකම ඉටු කරන්න!!

https://www.facebook.com/tushara.wickramanayaka/posts/10157705128042149

Social Sharing
නවතම