තොරතුරු පනත දැන් ගම්දනව් කරා විහිදී අවසන් – හිටපු කථානායක

තොරතුරු ලබා ගැනීමේදි එම තොරතුරු සැමටම එක හා සමානව ලබා දිය යුතු අතර බලය ඇති අයට එක විදිහකට හා බලය නැති අයට තව විදිහකට සැලකිම කළ නොකල යුතු බවත් එසේ කරන්නේ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි හිටපු කථානායක කරු ජයසුරිය මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය නිමිත්තෙන් අයිතිය උදෙසා මාධ්‍යවේදීයෝ සංවිධානය විසින් සංවිධානය කර තිබු විද්වත් සංවාදයේදීය. මෙය කොළඹ 07, සව්සිරිපාය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු කථානායක කරු ජයසුරිය සහභාගි විය.

විද්වත් මණ්ඩලය ලෙස තොරතුරු දැන ගැනීමේ කොමිසමේ නීිති උපදේශිකා අශ්විනි නටේෂන්, පර්යේෂක, නීතිඥ ජගත් ලියනාරච්චි යන අය එක් වී සිටියහ.
පළමුව ජනමාධ්‍ය අමාත්‍යවරයා උත්සව සභාව ඇමතූහ. මාධ්‍යවේදීන් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් සැකසු ලියවිල්ලක් මෙහිදි අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ අමාත්‍යවරයාට පිළිගැන්වුහ.

මෙහිදි තවදුරටත් අදහස් දැක්වු හිටපු කථානායක කරු ජයසුරිය මහතා,
තොරතුරු දැන ගැනීමේ අයිතිය ප්‍රජා අයිතියක්. මිනිස් අයිතිවාසිකමක් වන බවත් ඒ නිසා ලංකාවේ අපටත් එය ලබා ගැනීමට හැකිවීම ගැන සන්තෝෂ විය හැකි බවද ඔහු පවසයි.
2001 එක්සත් ජාතික පෙරමුණ නම් අලුත් රජයක් පත් වු වහාම අපි මුලින්ම මෙහි වටිනාකම තේරුම් අරන් මේ කටයුත්ත ආරම්භ කළ බවත් නමුත් 2007 දක්වා තිබිය යුතු රජයක් 2004 දි විසුරුවා හැරීමට සිදු වු බවද හිටපු කථානායක කරු ජයසුරිය මහතා පවසයි.

2001 වසරේදි පත්‍ර ආයතන හිමිකරුවන්, විද්්‍යුත් ආයතන හිමිකරුවන්, කර්තෘවරුන්, මාධ්‍යවේදීන් ගෙන්වා සාකච්ඡා වට කිහිපයක් පවත්වා පනතට අවශ්‍ය යෝජනා 2002 අවසන් වන විට සකසා ගත් බවත් එය 2003 දි අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට තිබියදි රජය විසිරවු බවත් නැතිනම් ආසියාවේ තොරතුරු දැනගැනිමේ පනත ඉදිරිපත් කළ පළමු රට ශ්‍රි ලංකාව බවට පත් වීමට ඉඩ තිබු බවද ඔහු පෙන්වා දෙයි.

මේ තොරතුරු දැනගැනීමේ පනතකින් අවසානයේ සිදුවන්නේ මහජන සුබසිද්ධිය බවත් මෙය ගම් මට්ටමින් පවා දැන් උනන්දුවක් දක්වන්නක් බවද ඔහු කියා සිටියි. ඉන්දියාවේ මෙය පළමුව එන්නේ බිම් මට්ටමින් බවත් නමුත් ලංකාවේ මෙය දේශපාලනය හරහා පැමිණියත් අවසානයේ එය ඈත ගම්දනව් කරා විහිදි ගොස් ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

මෙම අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක නීතිඥ නාලක කලුවැව, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්. හේවගේ ඇතුලු ආරාධිතයින් රැසක් එක්ව සිටියහ.

ශානිකා

Social Sharing
නවතම