ජනපතිගේ කට වචනෙට වැඩ කලොත් රජයේ සේවකයින්ට වෙන්නෙ පැන්ෂන් එකත් නැතිව ගෙදර යන්න – රාජිත කියයි

අද රජයේ සේවකයින් චක්‍රලේඛ පැත්තකට තබා ගෝඨාබය ජනාධිපතිවරයාගේ කට වචනයට පමණක් වැඩකලොත් ඔවුන්ට අවුරුදු කීපයකින් පැන්ෂන් එකත් නැතිව ගෙදර යාමට සිදුවන බව පවසන රාජිත සේනාරත්න මන්ත්‍රී වරයා, 20 වැනි සංශෝධනය නැතිව අද මේ ජනාධිපතිවරයා හැසිරෙන විදියට 20 වැනි සංශෝධනය දුන්නොත් කොහොමට තියේවිද? යැයි ජනතාවගෙන් ප්‍රශ්න කරයි.

අද දින (29) සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය හා දිවයිනේ සියලුම විරුද්ධ පක්ෂ එක්ව මෙහෙයවනු ලැබූ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු ඒ බව පැවසීය.

ශ්‍රී වික්‍රම රාජසිංහගෙන් පසු තම කටවචනයට පමණක් වැඩ කරන්න යැයි කීවේ ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා බවත්, ඒ ඔහුගේ තිබෙන දේශපාලන නොදැනුවත්කම නිසා බවත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊට වඩා දේශපාලනිකව සංවේදී බවත්, ඔහු එහිදී කියා සිටියේය.

තවද, අද මේ රට විනාශයට පත්වී තිබෙන්නේ අධික බලය නිසා බවද මන්ත්‍රී වරයා එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

අදහස් දැක්වීම පහතින්…

Social Sharing
නවතම