තොරතුරු දැන ගැනීමට වඩා තොරතුරු ලබා දීමේ වැඩපිලිවෙලක් – ජනමාධ්‍ය ඇමති

19 වෙනි සංශෝධනය අහෝසි කර  20 වෙනි සංශෝධනය සිදු කිරිමේදී ඉතා පැහැදිලිව 19 වෙනි සංශෝධනයේ තිබු  තොරතුරු දැන ගැනීමේ පනත ඉතා සාධනීය ලෙස 20 වෙනි සංශෝධනයෙන් ඉදිරියට ගෙනවිත් තිබෙනවා යැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ලෝකයේ තිබෙන සාර්ථකම තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කරමින් අපේ යම් අඩුපාඩුවක් තිබේනම් ඒ ඉලක්ක වලට යාමට අපිට කීමට හැකිනම් ලෝකයේ තිබෙන හොඳම තොරතුරු දැනගැනීමේ පනත තිබෙන්නේ අපේ බවත්, එය රටේ ප්‍රජාත්‍රන්තභාවයටත්, පාරිශූද්ධභාවයටත්, විනිවිදභාවයටත් දායකවනු ඇති බව පැවසීමටත් එතැන් අපේ ජයග්‍රහණය ඇතැයිද අමාත්‍යවරයා පවසයි.

94 වසරේ මාධ්‍ය අමාත්‍යවරයාව සිටි ධර්මසිරි සේනානායක මහතා මේ තොරතුරු දැනගැනීමේ පනත ගෙන ආ යුතු බවට යෝජනා කළත් එය ඉටු නොවුනු බවත් පසුව 19 වෙනි සංශෝධනයට අනුව මෙය ඉටු වූ බවද අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

මේ වන විට ලබා ගන්නා තොරතුරු වල වල වැඩි ප්‍රවණාවයක් ඇත්තේ පෞද්ගලික තොරතුරු වලට බවත් මෙය වඩාත් පොදු අවශ්‍යතාවයන් වෙනුවෙන් පරිවර්තයන් කළහොත් සුදුසු බවද ඔහු පවසයි.

තොරතුරු දැන ගැනීමට වඩා තොරතුරු ලබා දීමේ වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කළහොත් සුදුසු බව හැඟි ගොස් ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය නිමිත්තෙන් අයිතිය උදෙසා මාධ්‍යවේදීයෝ සංවිධානය කළ තොරතුරු දැනගැනීමේ පනත අහිමි කළ නොහැක යන තේමාව යටතේ පැවති උත්සවයේදීය. මෙය කොළඹ 07, සව්සිරිපායේදී පැවැත්විණි.

-ශානිකා-

Social Sharing
නවතම