බොලිවුඩයේ සුපිරි තරු පවා බිලිගන්නා කොවිඩ්

බොලිවුඩයේ පමණක් නොව මුලු ලෝකයේම පිළිගන්නා ජනප්‍රිය ගායකයෙකු ලෙස අඩ සියවසකට ආසන්න කාලයක් තිස්සේ කටයුතු කළ ඒස්.පී. බාලසුබ්‍රමනියම් මහතා ද පසුගිය දා කෝවිඩ් වසන්ගතයට ගොදුරැව තම දිවි සැරියට සමු දුන්නාය. මිය යන විට 74 වන වියේ පසුවූ සුබ්‍රමනියම් මහතා ඒ වන විට ගීත හතලිස්දාකට (40,000) වැඩි ප්‍රමාණයක් ගායනා කර තිබුනි. ඒය ලෝක වාර්තාවක් බවද කියවේ.

ඉන්දියානු සිනමාවට නැතිවම බැරි ගායකයෙකු වූ සබ්‍රමනියම් මහතා ප්‍රේම ගීත, විරහ ගීත, නර්තන ගීත ඔහුගේ ගීත ගොන්නට ඇතුලත්ව ඇති අතර, ඒම ගීත භාෂා 16 කින් ඔහු ගායනා කර තිබුනි. සමහර විට ඒයත් වාර්තාවක් වන්නට හැක.

පසුගිය දා ඉන්දියාවේ දේශපාලනඥයින් මෙන්ම, සුපිරි තරු කිහිපයකටම කොවිඩ් 19 වෛරසය වැලදී ඇති බවට වාර්තා විය. මේ අතර බොලිවුඩයේ සුපිරි තරු පවුලක් ලෙස සැලකෙන බච්චන් පවුලේ සාමාජිකයින්ට ද කෝවිඩ් 19 වෛරසය වැලදී ඇති බවට වාර්තා විය.

මේ වන විට කොවිඩ් වසංගතයෙන් දැඩිව පීඩා විදින රටක් බවට ඉන්දියාව පත්ව ඇති අතර, දිනකට ලෝකයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තාව වන රට බවට ද ඉන්දියාව මේ වන විට පත්ව තිබේ. පසුගිය දින කිහිපයේම අසුදහස ඉක්මවූ රෝගීන් ප්‍රමාණයක් ඉන්දියාවෙන් වාර්තා වු අතර, ඊයේ දිනයේ ද රෝගීන් 89,010 ක් වාර්තා වී ඇත. වැඩිම කොවිඩ් රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූ ලෝකයේ දෙවැනි රට බවට ඉන්දියාව පත්ව ඇති අතර, මේ වන විට මෙම වෛරසය වැළදීමෙන් 94,534 දෙනෙකු මියගොස් තිබේ.

 

 

 

Social Sharing
නවතම විදෙස්