පසුගිය මාස හතරට සෞදියේ ලාංකිකයින් 28 ක් මරුට.

සෞදි අරාබියේ සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් 28 දෙනකු පසුගිය මාස හතරක කාලය තුල කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහන් කරයි.

මියගිය මෙම  පිරිසෙන් වැඩි දෙනකු හෘදයාබාධ, දිය වැඩියාව, පිළිකා වැනි බෝ නොවන රෝග සඳහා දිගුකාලීනව ප්‍රථිකාර ලබමින් සිටි අය බව සෞදි සෞඛ්‍ය අංශ විසින් අණාවරණය කරගෙන ඇත. එම මළ සිරුරු ජාත්‍යන්තර නිරෝධායන නීති අනුව එරටදීම අදාහනය කළ සෞදි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගිය මාස කීපයේදී කොරෝනා ආසාධනය වීම හේතුවෙන් 70 පමණ පිරිසක් රෝගාතුර වී ප්‍රථිකාර ලබා ඇති  බව සඳහන් කර ඇත.

Social Sharing
නවතම විදෙස්