ලංවිමට ව්‍යුහගත වෙනසක් අවශ්‍යයි! – ලංකා විදුලි පොදු සේවක සංගමය

ලංකා විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරියේ යල්පැනගිය කළමණාකරණය වෙනුවට ලංකා විදුලිබල මණ්ඩලයට ව්‍යුහගත වෙනසක අවශ්‍යතාව ඇතැයි ලංකා විදුලි පොදු සේවක සංගමය පවසයි.

ලංකා විදුලි පොදු සේවක සංගමය මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (23) දින විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාව අමාත්‍යාංශයේදී හමු වු අවස්ථාවේදීය.

මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලයේ සාමානාධිකාරි වෙත යොමු කළ 2021 වැටුප් ප්‍රතිශෝධනය සම්බන්ධ ලිපියක්ද අමාත්‍යවරයාගේ අවධානයට යොමු කර සිටියේය. විදුලිබල සේවකයින්ට හිමි ත්‍රෛයි වාර්ෂික වැටුප් ප්‍රතිශෝධනය 2021 දී ලැබීමට නියමිත නමුත් තවමත් ඒ සඳහා කිසිදු සුදානමක් නොමැති බව අමාත්‍යවරයා වෙත පෙන්වා දුන්නේය. එබැවින් 2021 වැටුප් සමාලෝචනයට අදාල සාකච්ඡා වහාම ක්‍රියාත්මක වන පරිදි ආරම්භ කිරිම, ලංකා විදුලිබල මණ්ඩල සේවා කොන්ත්‍රාත් ලබා දිම හා විශාල වාහන ප්‍රමාණයක් කොන්ත්‍රාත් පදනම යටතේ ලබා ගැනීම, පුද්ගලික බලාගාර වලින් විදුලිය ලබා ගැනිම නිසා ලංකාවිදුලිබල මණ්ඩලය පාඩු ලැබීම හා ඊට අදාල ගිවිසුම් පිලිබඳ අවධානය යොමු කරන ලෙසද ලංකා විදුලි පොදු සේවක සංගමය කරුණු සහිතව මෙහිදි පෙන්වා දුන්නේය.

එසේම ලංවිම පාලන අධිකාරිය විසින් භාවිතාකරණ යල්පැන ගිය කළමණාකරණ මුලධර්ම හෙවත් සේවක කණ්ඩායම් අතර ගැටුම් ඇතිකර පාලන කිරිමේ මුලධර්ම වල අසාර්ථකභාවය පිලිබඳවද අමාත්‍යවරයා හා සාකච්ඡා කළ බව ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා පවසයි.

-ශානිකා-

Social Sharing
නවතම