පිල්ලෙයාන්ට පත් වීමක්!

බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ට අද (22) දින පාර්ලිමේන්තුවේදී නව පත්වීමක් ලබා දී තිබේ.

ඒ මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපතිවරයා ලෙසය. අද දින පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා මෙම පත්වීම ලබා ගෙන තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා මේ වන විට බන්ධනාගාර ගතව සිටින්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරිමේ චෝදනා මතය.

පහුගිය මහ මැතිවරණයෙන් මඩකලපු  දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා ගත් මොහු අමාත්‍යධුර ලබා දෙන අවස්ථාවේ අමාත්‍යධුරයක් බලාපොරොත්තු වූ නමුදු එය ඉටු වුයේ නැත.

Social Sharing
නවතම