විස්ස මාරයි රට හමාරයි – විරෝධතා මැද 20 පාර්ලිමේන්තුවට!

විපක්ෂයේ දැඩි විරෝධය හමුවේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබීය.

‌මෙම සංශෝධනය සම්බන්ධව විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂය තුළ ද  විශාල කතාබහක් පසුගිය දිනයන් හී නිර්මාණය විය. එහි ප්‍රතිඵලයක් ලෙස අගමැතිවරයා විසින් මේ පිළිබවද අධ්‍යයන කිරීම සදහා ඇමතිවරු හය දෙනෙකුගෙන් යුත් නම දෙනෙකුගේ කමිටුවක් ද පත්කර තිබුනි.

නමුත්, පසුගිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී  ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ කිසිදු සංශෝධනයක් සිදු නොකර මෙම කෙටුම්පත වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත්, සංශෝධන ඇත්තේ නම් එය පාර්ලිමේන්තුවේ දී සිදු කරන ලෙසයි.

මේ අතර ඊයේ (21) ජනාධිපති මන්දිරයේ දී ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේ දී විසිවෙනි සංශෝධනය සම්බන්ධයෙන් යම් උණුසුම්කාරී තත්ත්වයක් මතු වූ බවත්, එහි දී වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග, ප්‍රේමනාත් දොලවත්ත යන මැති ඇමතිවරුන් මෙම සංශෝධනයේ ඇති අහිතකර වගන්ති සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස අදහස් පළ කර ඇති බව සී නිවුස් වෙබ් අඩවිය පවසයි.

 

Social Sharing
නවතම