දෙමළ ජනයාගේ අභිලාෂයන් ඉටු නොකලහොත් විකල්පයකට යනවා – ආර්. සම්බන්ධන්

රාජපක්ෂ රජය දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටු නොකරන බවත් තවදුරටත් එවැනි දිශාවකට ගියහොත් විකල්ප මාර්ගයක් අනුගමනය කිරීමට සිදු ‌වෙනවා යැයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.

9 වන පාර්ලිමේන්තු ප්‍රතිපත්ති දේශනයේදී ජනාධිපති ගෝඨාභය  රාජපක්ෂ එක් රටක මූලධර්මය, එක් නීතියක් පිළිබිඹු කළ පරිදි ඔහුගේ වචන කිහිපයක් පදනම් කරගෙන තීරණාත්මක තීරණයක් ගත නොහැකි බවත් ජනවාර්ගික ගැටලුවට විසඳුම වසර 70 ක් පමණ ගත වී ඇතැයිද ඒ් මහතා පවසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉන්දියාවට, එක්සත් ජාතීන්ට, මානව හිමිකම් කවුන්සිලයට සහ ජාත්‍යන්තර ප්‍රජාවට විවිධ පොරොන්දු දී තිබෙන අතර විශේෂයෙන් 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමටත් ඒ මත ඵලදායී බලය බෙදා හැරීමටත් ක්‍රියාත්මක කිරීමටත් ඔහු පොරොන්දු වි තිබෙන බවත් LTTE ය මිලිටරිමය වශයෙන් පරාජය කිරීම සඳහා ඉන්දියාවේ සහ ජාත්‍යන්තර ප්‍රජාවේ සහාය පැතූ විට රාජපක්ෂයන් පොරොන්දු ගණනාවක් ලබා දී ඇතැයිද ඔහු පවසයි.

විශේෂයෙන් LTTE ය සමඟ ජනවාර්ගික ගැටලුවට සාකච්ඡා විසඳුමක් නොමැති අතර එබැවින් ඔවුන් මිලිටරිමය වශයෙන් පරාජයට පත් කිරීමෙන් පසු දේශපාලන නියෝජිතයන් සමඟ සාකච්ඡා කර උත්තරීතර බලය බෙදා හැරීම සමඟ දේශපාලන විසඳුමක් ලබා දීමට පොරොන්දු වී තිබෙන නමුත් මෙසේ දුන් පොරොන්දු ඉටු වී නොමැති බවද ආර්. සම්බන්ධන් මහතා පෙන්වා දෙයි.

ව්‍යවස්ථාව කෙටුම්පත් කරන විට වත්මන් පාලකයින් දුන් පොරොන්දු මත පදනම්ව දෙමළ ජනතාවගේ දිගුකාලීන අභිලාෂයන් සපුරාලන විසඳුමක් ඉදිරිපත් කිරීම ඔවුන්ගේ යුතුකමක් බවද ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කළ බව ටුඩේ ජැෆ්නා වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Social Sharing
නවතම