පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපති අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්?

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයට වගකිව යුත්තා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අත්අඩංගුවට ගන්නා ලෙස දේශපාලඥයින්  ප‍්‍රසිද්ධියේ ඉල්ලා තිබෙන බව දෙමළ මාධ්‍ය වාර්තා කර ඇත.

එම වාර්තාවන්ට අනුව එම දේශපාලඥයින් මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ පළ කර ඇති පෝස්ට් වලින් ඔවුන් මෙය අවධාරණය කර තිබෙන බව සඳහන් කර ඇත.

මේ අතර, කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩර මහතා පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටි බවද ඒහි සඳහන් කර ඇත.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දුන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කියා සිටියේ ප්‍රහාරයේ වගකීම භාරගෙන පොලිස් ප්‍රධානියා ලෙස ඉල්ලා අස්වන ලෙස තමා හිටපු ජනාධිපති පූජිත ජයසුන්දරගෙන් ඉල්ලා ඇති බවය.

කොමිසමේ වාර්තාව වෙනස් කර ඉල්ලා අස් වුවහොත් ඔහුට විදේශ රටක තානාපති ධුරය ලබා දෙන බව හිටපු ජනාධිපති පූජිත ජයසුන්දරට දන්වා ඇති බව හේමසිරි ප්‍රනාන්දු පවසා තිබේ.

දේශපාලන ආරංචි මාර්ග වලට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා ජනාධිපති කොමිසමට දුන් සාක්ෂිය හේතුවෙන් විශාල අපහසුතාවයකට  පත්ව සිටින බවත් කෙසේ වෙතත්, හේමසිරි ප්‍රනාන්දු විසින් කරන ලද චෝදනා ප්‍රතික්ෂේප කරමින් හිටපු ජනාධිපතිවරයා ඊයේ ප්‍රකාශයක් නිකුත් කළ බවත් ටු ඩේ ජැෆ්නා හා I.B.C ටැමිල් පුවත් වෙබ් අඩවි වාර්තා කර සිටියි.

Social Sharing
නවතම