විස්සෙන් නිර්මාණය වූ ආණ්ඩුවේ අර්බුදය – පිලිප් දිසානායක

වර්තමාන රජය පසුගිය මහමැතිවරණයේ දී ඉල්ලා සිටියේ ඔවුන්ට තුනෙන් දෙකේ බලයක් ලබා දෙන ලෙසයි. පසුගිය යහපාලන රජය විසින් ගෙන ඒනු ලැබු 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකොට ස්ථාවර රජයක් පිහිටුවීමට සදහා ඔවුන්ට ඒසේ බලය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනු ලැබීය. ඒ අනුව ඔවුන්‌ගේ ඉල්ලීමට කන් දුන් මේ රටේ හැට නම ලක්ෂයකට වැඩි ජනතාවක් පාර්ලිමේන්තු ආසන 145 ක් ඔවුන් වෙත ලබා දෙමින් තුනෙන් දෙකට ආසන්න බලයක් වර්තමාන රජය වෙත ලබා දී තිබේ. ඔවුන් සමග දැනටමත් පෙරමුණු ගත වී සිටින අනෙකුත් දේශපාලණ පක්ෂයන්ගේ සහාය ලබා ගත් විට ඔවුන්ට අවශ්‍ය තුනෙන් දෙක ලබා ගැනීම ඉතා සරල කාරණයක් වී තිබේ.

විධායක බලයත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් ඇති ආණ්ඩුවකට කළ නොහැක්කක් නොමැත. ජේ.ආර් ජයවර්ධන විසින් 1978 ව්‍යවස්ථාව ගෙන ඒමත්, මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊට 18වන ව්‍යවස්ථා සංශෝධනය ඒක් කිරීමත් ඒවැනි බලයක් ගොඩනැගීම හරහා සිදු වූ සංසිද්ධීන්ය.

රජය පැවසු ආකාරයටම පසුගිය අගොස්තු 28 වැනි දින අදාල 20 වැනි සංශෝධනය ද කැබිනට් අනුමැතියෙන් පසුව ගැසට් කර තිබේ. සමහර විට ඒය මෙතෙක් ඉදිරිපත්කළ වේගවත්ම ව්‍යවස්ථා සංශෝධනය ලෙස ද ඉතිහාස ගත විය හැක. ඒතරම් වේගයකින් ඒම කටයුත්ත සිදු කිරීමට වත්මන් රජය පියවර ගෙන තිබුනි.

ඒම සංශෝධනය මගින් අවුරැදු 42කට පසුව ජේආර් ජයවර්ධන මහතාගේ 1978 ව්‍යවස්ථාව නැවතත් තිරිහන් වී තිබේ. 78 දී ජේ.ආර් ජයවර්ධන මහතාට මොනයම් හේතූන් නිසා හෝ ඉදිරිපත් කිරීමට නොහැකි වූ කාරන ද දැන් ඊට ඇතුලත් වී තිබේ. 78 ව්‍යවස්ථාව හේතුවෙන් ඒක් පුද්ගලයෙකු වටා සියලු බලයන් ඒකරාශිවීම නිසා ඇති වූ විවිධාකාරයේ ගැටලු හේතුවෙන් දශක හතරක් තිස්සේ බැට කා බහුතර ජනතාවක් විසින්ම නැවතත් ඒක් පුද්ගයෙකුට නීතිඥාණුකූලව අසීමිත බලයක් ලබා දීමට තීරණය කර තිබේ.

මෙවැනි ජනවරමක් ප්‍රකාශයට පත් වූ අවස්ථාවක විපක්ෂ ක්‍රියාකාරීත්වය අතිශයින්ම දුර්වලවීම ගැන කතා කිරීමෙන් පලක් නැත. විපක්ෂය මෙතරම් දුර්වල කිරීම මේ අවස්ථාවේ රටේ බහුතර ජනතාවගේ අපේක්ෂාව වී තිබේ. දැන් වර්තමාන අණ්ඩුවට, ඒසේ නොමැති නම් වත්මන් ජනාධිපතිවරයාට ඔහුගේ අභිමතය අනුව කටයුතු කිරීම වැලැක්වීමට කිසිවෙකුටත් හැකියාවක් නොමැත. ජනාධිපතිවරයා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉල්ලා සිටින්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් උදුරාගත්, දැනට ඔහු සතුව නොමැති අනෙකුත් බලතල ද ඔහු වෙත නීතිඥාණුකූලව ලබා දීමට කටයුතු කරන ලෙසයි. ඒ් සදහා ඔහුට ජනවරමක් ලබා දී ඇති බවද පෙන්වා දෙයි.

නමුත්, මේ අවස්ථාවේ අදුරු වලාවේ රිදී රේඛා පෙන්නුම් කරනවා මෙන්, ආණ්ඩු පක්ෂයේ සමහර ප්‍රභලයන්ගෙන් මෙන්ම, ආණ්ඩුව ගෙන ඒමට කටයුතු කරනු ලැබූ විවිධ පාර්ශවයන්ගෙන් ද, දැනට ඉදිරිපත්වී ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව විවිධ මැසිවිලි හා චෝදනා ඉදිරිපත් වෙමින් තිබේ. මේ හේතුව නිසාම, මෙය අධ්‍යයනය කර වාර්තාවක් ලබාදීමට අගමැතිවරයාට කැබිනට් ඇමතිවරු හය දෙනෙකුගෙන් යුත් නම දෙනෙකුගේ කමිටුවක් පත්කිරීමට සිදු විය.

ඒමෙන්ම, මෙම 20 වන සංශෝධනය ඉදිරිපත් කරනු ලැබුවේ කවුරැන් විසින් ද යන්න පවා විශාල ගැටලුවක් වූ අතර, මෙය කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කළ විශයභාර ඇමතිවරයා පවා ඒය සකස් කරන ලද්දේ තමන් විසින් නොවන බවත්, ඒය සකස් කරන ලද්දේ කවුරැන් විසින් ද යන්න තමන් නොදන්නා බවත් ප්‍රකාශ විය. මේ අතර සමහර මැති ඇමතිවරැ පවා මෙහි යම් යම් කොටසත් තැන තැන විවේචනය කරන තත්ත්වයට පත්වීය. ආණ්ඩුව ඇතුලේ  20ට ඒරෙහි මෙම විරෝධය අගමැතිවරයා කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වී ඇති බව පෙනෙන්ට තිබේ.

මෙම තත්ත්වය තව තවත් වර්ධනය වීම ආණ්ඩුවේ මෙන්ම තමුන්ගේ පැවැත්මට හානිකර බව තේරැම් ගත් ජනාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වී මෙම 20 වන සංශෝධනය තමන්ගේ නිර්මාණයක් බවත්, ඊට කිසිදු සංශෝධනයක් සිදු නොකරන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත්, කිසියම් විරෝධතාවයක් තිබේ නම් ඒවා මේ සම්බන්ධව පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට ඉදිරිපත් කරන ලෙස පසුගියදා කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා දැඩිව ප්‍රකාශ කළ බව පසුගිය දා මාධ්‍යවල පල විය.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමග අගමැතිවරයා විසින් පත් කළ කොමිටියත්, මේ සම්බන්ධව විවිධ අදහස් ප්‍රකාශ කරමින් සිටි ආණ්ඩුවේ විවිධ පාර්ශවකරුවන් ද තැති ගැනීමකට පත්ව සිටින බවක් මේ මොහොතේ දිස් වේ. මහා සංඝරත්නය ඇතුලු රටේ බහුතර ජනතාවක් ඉල්ලා සිටි දැඩි හා සෘජු තීරණ ගන්නා ජනාධිපතිවරයෙක් දැන් රටට ලැබී තිබේ. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ පසුව ඔහු සමග කිසියම්ම හෝ කේවල් කිරීමකට දැන් හැකියාව ඇත්තේ පාර්ලිමේන්තුවට පමණි. තුනෙන් දෙකේ බලය තිබෙන නිසා ඒම කේවල් කිරීමේ බලයත් ඔහුටම ලබා දීමට වර්තමාන පාර්ලිමේන්තුවට හැකියාව තිබේ. වෙන්නේ කුමක්දැයි බලා සිටීම හැර අපට මේ මොහොතේ කරන්න වෙන කිසිවක් ඉතිරි වී නොමැත.

-පිලිප් දිසානායක-

 

 

Social Sharing
නවතම විශේෂාංග