මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වන කතාව බොරුවක්?

ජීනිවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීමට අදාලව ඉදිරියේදී යම් සාකච්ඡාවක් පැවැත්වීමට රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බව අද (18) දින මව්බිම පුවත්පත වාර්තා කර තිබුණි.

එම පුවතට අනුව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර ඇත්තේ දිගින් දිගටම මානව හිමිකම් කවුන්සිලිය පදනම් විරහිත, අභූත චෝදනා නගනවානම් එවැනි කවුන්සිලයක තවදුරටත් රැඳී සිටීම පල රහිත ක්‍රියාවක් බවය.

30/1 යෝජනාව ඉවත් කර ගැනීමද එහි මූලික පියවරක් බවද අමාත්‍යවරයා පැවසු බව එම පුවතෙන් වැඩිදුරටත් කියා තිබුණි.

ඊයේ (17) පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබුණි.

මව්බිම පුවත්පත එය අද දිනයේ සිය පුවත්පතේ ප්‍රධාන සිරස්තලය බවට පත් කරගනිමින් වාර්තා කීරිමත් සමඟ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද දහවල් වන විට ඒ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කර තිබේ.

ඒ අමාත්‍යරයා මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයකට ලබා දුන් පිලිතුරක් වැරදි අර්ථකනයක් ඇතිවන අයුරින් මාධ්‍ය වාර්තා කර ඇති බවය.  ඒකී ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා ලබා දුන් පිලිතුරු මඟින් මානව හිමිකම් කවුන්සිලියෙන් ඉවත් වීමක් පිලිබඳව අදහස් නොකළ බවත් කියා සිටියේ 30/1 යෝජනාව ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් පමණක් බවද  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වන කතාව බොරුවක්?

Social Sharing
නවතම