EPF එකේ නම සඳහන් කියලා, උපාධිධාරීන්ට රැකියා අහිමි වෙලා!

සේවක අර්ථ සාධක අරමුදලේ (EPF) නම සටහන් වීම හේතුවෙන් රැකියා අහිමි වූ බව කියන උපාධිධාරීන් පිරිසක් සතියක් ඇතුලත රැකියා පත්වීම් ලබාදෙන ලෙස රජයට බල කරමින් ඊයේ (16දා) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට  නිහඬ විරෝධතාවයක නිරත වූහ.

උපාධිධාරින්ට රැකියා ලබා දෙන වැඩ පිළිවෙළ යටතේ පත්වීම් ලිපි ලැබීමෙන්  අනතුරුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල පුහුණුවට ගිය තමන් හට මැතිවරණයෙන් පසුව රැකියා අහිමි වීම හේතුවෙන් කබලෙන් ලිපට වැටී ඇති බව නිහඩ විරෝධයට එක්වූ විරෝධතාකරුවන් පැවැසූහ.

විරෝධතාවයේදි අදහස් දැක්වූ රැකියා අහිමිවූ උපාධිධාරී තරුණියක් වන ජානකී දසනායක මෙසේ පැවසීය. ඉතිහාසයේ පැවති කිසිදු ආණ්ඩුවක් අපිට මේ වගේ නිර්ණායක ඉදිරිපත් කරලා නැහැ. මම 2016 වසරේදී උපාධිය සම්පූර්ණ කළ අයෙක්.

EPF එකේ නම සඳහන් කියලා, උපාධිධාරීන්ට රැකියා අහිමි වෙලා!මෙතන ඉන්නවා විවිධ වසරවල් වල උපාධිය සම්පූර්ණ කරපු තරුණ තරුණයන් පිරිසක්. ඇයි අපිට විතරක්  එහෙම කරන්නේ. මේ වෙන කම් අවුරුදු හතරක් ගෙවල් වලට වෙලා සිටියා. ඒ අතරේ වෙළඳසැල්වල වැඩ කලා. අපි  දෙමව්පියන්ට කන්න දෙන්නෙ කොහොමද? ජනාධිපතිතුමගෙන් අපි ඉල්ලනවා අපි ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියලා.

ඊ.පී.එෆ් එකේ නම සඳහන් කියලා මෙතන ඉන්න සියලුම දෙනාට රැකියා අහිමි වෙලා. මෙතන සිටින සියළු දෙනා ගාමන්ට් ගියපු, සුපර් මාකට් වල වැඩ කරපු, විවිධ කඩවල වෙළඳ සහයකයන් විදිහට වැඩ කරපු අයයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් මෙසේ රැකියා අහිමි උපාධිධාරීන් පිරිස 385 ක් සිටිනවා. ලංකාවේම දහ දහදාහක පිරිසක් සිටිනවා.

ජනාධිපතිවරයා පසුගිය 18 දා ප්‍රකාශ කලා මේ ගැටළුවට මැදි වෙලා ඉන්න පිරිසට රැකියා දෙන්න කැබිනට් අනුමැතිය දීලා තිබෙනවා කියලා ඒ නිසා බය වෙන්න එපා අව්වේ  විරෝධතා කරන්න එපා කියලා ගෙවල් වලට යන්න කියලත් කිව්වා.

EPF එකේ නම සඳහන් කියලා, උපාධිධාරීන්ට රැකියා අහිමි වෙලා!ඇයි එහෙනම් අනුමැතිය දීලා තිබියදීත් කල් මරන්නේ, අපි රජයේ බලධාරීන්ගෙන්  අහනවා. මේ ඊ.පී.එෆ් ගැටලුව ඡන්දෙට කලින් ඔයාලා දැක්කේ නැද්ද? ඡන්දයට කලින් අපිට පත්වීම් එව්වා අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල  වැඩ කරන්නත් ගියා. අපිට දැන් ගමට නෑදෑයන්ට දෙමව්පියන්ට මුහුණ දෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිබෙනවා.

සතියක් ඇතුලත විසඳුමක් ලබා නොදුන ලබන 23දා මුළු රටේම සිටින මේ අසාධාරණයට ලක්වූ උපාධිධාරී  ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ අඛණ්ඩ විරෝධතාවයක නිරත වනවා යනුවෙන් ඈ පැවසුවාය.

අනතුරුව විරොධතාකරුවන්  අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් නීතිඥ ආර්.එම් වන්නිනායක මහතාට සංදේශයක් භාර දීමෙන් අනතුරුව විසිර ගියහ.

Social Sharing
නවතම