ක්ෂද්‍ර මුල්‍ය ආයතන ආරම්භ කිරීමට අගමැති මහින්ද වගකිව යුතුයි!

ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් දෙමළ ජනතාව ආරක්ෂා කිරීමට රජය පියවර ගත යුතු බව සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා පවසයි.

යුද්ධයෙන් පසු දෙමළ ජනතාව සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් එවකට අග්‍රාමාත්‍යවරයා සහ වර්තමාන අග්‍රාමාත්‍යවරයා වූ මහින්ද රාජපක්ෂ වගකිව යුතු බවත් ඔහුගේ පාලනය යටතේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හතු මෙන් පැළ වු බවද ඔහු පවසයි.

එබැවින් ඔහු ආරම්භ කළ දෙය අවසන් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසීය.

මහ බැංකු ප්‍රතිපාදන පිළිබඳ කල් තැබීමේ විවාදය අතරතුර ඔහු අද (09)  පාර්ලිමේන්තුවේදී මේ බව කියා සිටියේය.

ඉඩම් හිමිකම් නිකුත් කරන බව ද රජය පවසා තිබුණු නමුත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඉඩම් කොල්ලය දිගටම පවතින බවත් උතුරේ බොහෝ ස්ථානවල දෙමළ ඉඩම් හමුදාව පවරා ගෙන ඒවා වගා කරමින් සිටින අතර  එය සිංහලයන්ට ද ලබා දී ඇති බවත් ඔහු මෙහිදි පෙන්වා දී තිබේ.

එබැවින් ද්‍රවිඩයන්ට නැවත ශුන්‍යයෙන් ජීවිතය ආරම්භ කළ යුතු අතර  රජය ද මේ සඳහා විසඳුම් සෙවිය යුතු මෙන්ම   රජය අනිවාර්යයෙන්ම ක්ෂේත්‍රයේ ජනතාවගේ පැත්තෙන් සිතා බැලිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලන් මහතා පැවසු ටුඩේ ජැෆ්නා නිව්ස් වෙබ් අඩවිය සඳහන් කර සිටියි.

Social Sharing
නවතම