සැකකරුවෙකු වැසිකිලියක් තුළ මියයයි

හෙරෝයින්  සමග අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව   රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවෙකු  පොලොන්නරුව රක්ෂිත බන්ධනාගාරයේ වැසිකිලියක් තුළ ගෙල වැල ලාගෙන මියගොස් ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ අංක 12/14A ,තේක්කවත්ත පාර,ජයවීරගොඩ,හංවැල්ල ලිපිනයේ පදිංචිව සිටි වන්නි ගමගේ අනුර සම්පත් විජේසිංහ නමැති 28 හැවිරිදි තරුණයෙකි.පොලිසිය පවසන අන්දමට සැකකරු හා තවත් පුද්ගලයින් දෙදෙනෙකු ඉකුත් දිනයේ හෙරෝයින් වර්ගයේ මත්කුඩු සමග පොලොන්නරුවේ දී  අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් තිදෙනාම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කිරීමෙන් පසු සැකකරුවන් පොලොන්නරුව රක්ෂිත බන්ධනාගාරයේ රදවා ඇත.

බන්ධනාගාරයේ වැසිකිලියක් තුළ ගෙල වැලලාගෙන මිය ගොස් සිටිය දී තවත් බන්ධනාගාර ‍රැදවියෙකු මේ බව සැල කිරීමත් සමග පොලිසිය වහාම එම ස්ථානයට පැමිණ මූලික විමර්ශන සිදු කර ඇත.පොලිසිය පවසන්නේ මත් කුඩුවලට ඇබ්බැහි වීමෙන් ඇති වූ සික් එක හේතුවෙන් මෙසේ දිවි නසා ගන්නට ඇති බවයි.

පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති මූලස්ථාන පොලිස් පරික්ෂක ආලෝක බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් විසින් වැඩි දුර පරික්ෂණ සිදු කෙරේ.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

Social Sharing
නවතම