අතුරුදහන් වුවන්ගේ සැමරුම් උතුරු නැගෙනහිර පුරා!

අතුරුදහන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් ඊයේ (30) දින යාපනය ඇතුලු උතුරු නැගෙනහිර ප්‍රදේශ රැසක විරෝධතා රැළි පවත්වන ලදී.

යාපනයේ විරෝධතා පා ගමන යාපනය මධ්‍යයම බස් නැවතුම්පොළෙන් ආරම්භ වී රෝහල් පාර හරහා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ළඟා වී ලිපියක් භාර දී ඇත.

බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගෙන, හමුදාවට භාර දී අවසන් සටනට පෙර සහ පසුව අතුරුදහන් වූ බවට වාර්තා වී ඇති අතර විවිධ අරගල සිදුවී ඇත. අතුරුදහන් වූවන් සොයා දෙන ලෙස ඉල්ලා 2009 සිට මෙම විරෝධතා පැවැත්වෙමින් තිබේ.

අතුරුදහන් වූවන්ගේ ඥාතීන් චෝදනා කරන්නේ යුද්ධය අවසන් වී වසර 11 ක් ගතවී ඇතත් ඔවුන්ගේ අතුරුදහන් වූ ඥාතීන් පිළිබඳව කිසිදු තොරතුරක් ලැබී නොමැති බවය.

අතුරුදහන් වූවන්ගේ ඥාතීන්  2017 සිට උතුරු හා නැගෙනහිර පුරා විරෝධතා මාලාවක් පවත්වමින් සිටියි. තවමත් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල දැවැන්ත විරෝධතා සිදුවෙමින් පවතින අතර, ඔවුන්ට තවමත් යුක්තිය ඉටුවී නොමැති බැවින් ඔවුන්ගේ සබඳතාවලට සාධාරණය ඉටු කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර මඩකලපුවේ උසාවි තහනම උල්ලංඝනය  කරමින් පොලිස් බාධක බිඳ දමා මඩකලපුවේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ විරෝධය ඊයේ පැවැත්විණි. අතුරුදහන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ඊයේ පෙරවරුවේ විශාල රැලියක්  ඊසානදිග පළාතේ අතුරුදහන් වූ සබඳතා සංවිධානය විසින් මඩකලපුවේ කල්ලඩි පාලම අසලදී සංවිධානය කර තිබුණි.

අතුරුදහන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය වන ඊයේ දින ත්‍රිකුණාමලයේ සාමකාමී විරෝධතාවක් පැවැත්විණි.

ඔවුන් තම සබඳතා වෙනුවෙන් ත්‍රිකුණාමලයේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලය ඉදිරිපිට අවධානය යොමු කිරීමේ විරෝධතාවයක් පවත්වා තිබේ. දෙමළ ජාතික සන්ධානයේ (TNA) සභාපති ආර් සම්බන්ධන් මහතා ඒහි  ගොස් ජනතාව සමඟ සාකච්ඡා පවත්වා තිබේ.

Social Sharing
නවතම