“අධිකරණ ඇමති තුමනි කෙලින් හිටගන්න”යි ඉල්ලා වින්දිතයින්ගෙන් පෙත්සමක්!

වැලිකඩ සිරකරු ඝාතනය, තරුණයින් එකලොස් දෙනෙකු අතුරුදහන් කිරීම වැනි අගතියට පත් හා වින්දිතයින්ගේ පාර්ශවයන්ට සාධාරණ නඩු විභාගයකින් යුක්තිය ඉෂ්ඨ වීමට බාධා කිරීම වැලැක්වීමට හා අධිකරණයේ ස්වාධීනතාවය සුරක්ෂිත කිරීම සඳහා සියලු වින්දිතයින්ගේ ඉල්ලීම් සහිත ඒකාබද්ධ පෙත්සමක් අද (28) දින අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව සංවිධානය (FOD) අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා වෙත බාර දුන්හ.

විවිධාකාරයෙන් හිමිවීම්, කඩවීම් හා වින්දිත භාවයන් තුල යුක්තිය ඉටුවීම් ප්‍රමාද වීමත් ඇතැම් බාධා හා වගවීම් නොමැති තත්ත්වයක් තුල දීර්ඝ කාලයක් පුරා පීඩාවට පත්ව ඇති බවත් යුක්තිය හා සාධාරණය පිලිබඳ අපේක්ෂාව පමණක් ශේෂව තබා ගනිමින් මෙම පෙත්සම ඔවුන් ඉදිරිපත් කර ඇති බව එහි සඳහන් කර ඇත.

“අධිකරණ ඇමති තුමනි කෙලින් හිටගන්න”යි ඉල්ලා වින්දිතයින්ගෙන් පෙත්සමක්!විශේෂයෙන් වැලිකඩ සිරකරුවන් ඝාතනය, කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හී සිංහල, දමිල, මුස්ලිම් තරුණයින් 11 ක් කප්පම් ලබා ගැනීම සඳහා අතුරුදහන් කිරීම, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය, මීතොටමුල්ල තරුණයෙකු පැහැර ගැනීම, කොටහේන ප්‍රදේශයේදී පුද්ගයින් දෙදෙනෙකු පැහැරගෙන යාම, සැකකරුවන් සඟවාගෙන ඔවුන්ට රැකවරණය ලබා දීමට හිටපු නාවික හමුදාපතිවරයෙකු ක්‍රියා කිරිම ආදී අපරාධ ක්‍රියාවන්ට ගොදුරුවුවන්ගේ සාමාජිකයින් මෙලෙස යුක්තිය ඉල්ලා සිටියි.

මෙම ඇතැම් සිදුවීම් වසර ගණන් විමර්ශනය සිදුකොට අධිකරණය ඉදිරියේ අධික්ෂණය කර නීතිපති දෙපාර්තමේන්තුව විසින් එකී සාක්ෂි විශ්ලේෂණය කිරීමෙන් පසුව අපරාධය සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි පවතින බැවින් අධි චෝදනා ගොනු කිරිමෙන් පසු අගවිනිසුරුතුමන් විසින් නියම කොට ත්‍රිපුද්ගල මහධිකරණයක් නම් කිරිමෙන් පසු විභාගයට ගැනීමට කටයුතු කරන ලද අවස්ථාවේ ජනාධිපතිවරයා විසින් පිහිටුවනු ලැබු අධිකරණමය බලයක් නොමැති දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමසන කොමිසම මගින් අභියෝගයට ලක් කිරිම හේතුවෙන් එකී නඩු කටයුතු වලට කරනු ලැබු හානිය අතිවිශාල බවද මෙම පෙත්සමෙන් පෙන්වා දී ඇත.

Social Sharing
නවතම