පාර්ලිමේන්තු කෑම වේල 3000 සිට 951 බසී

මැතිවරණයක් ආසන්නයේ සියලුම දේශපාලන පක්ෂ වල අපේක්ෂකයන්ගේ සටන්පාඨ වන්නේ රට හදන්නටය. දුප්පත් ජනතාවට අලුත් අනාගතයක් තනන්නටය. ඔවුන් වේදිකා වල කෑ ගසන්නේ වතුර උගුරක්වත් නොබී උගුර ලේ රහ වෙන තුරුය. මේ සියල්ල මැතිවරණය පැවැත්වෙන තුරු පමණි.

ඔවුන් පාර්ලිමේන්තු ගිය පසු ඔවුන්ට දැන්නෙන්නේ දුප්පතාගේ කෑම වේලේ රසය නොවේය. ධනවතාගේ පංතියේ කෑම වේලේ රසයයි. කෑම නිසා ඔවුන් පාර්ලිමේන්තුවේ වාද විවාද කරන තැනට අද පත්ව ඇත්තේ ඒ් හේතුවෙනි.

මේ දිනවල නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පාර්ලිමේන්තුවේ වැඩමුළු පැවැත්වේ.  ඊයේ දිනයේදීද අතිශය උණුසුම් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන ආහාර වේලක වටිනාකම් සම්බන්ධයෙන් ඇති වූ මත ගැටුම හේතුවෙනි.

ඒ් පාර්ලමේන්තු බලධාරීන් විසින් පාර්ලිමේන්තුව මගින් මන්ත්‍රීවරුන්ට ලබාදෙන මුල්‍යමය ප්‍රතිපාදන සම්බන්ධයෙන් දැනුවත් කිරීම නිසාය. පාර්ලිමේන්තුවේ මුල්‍ය අධක්ෂක W.A.S උපනන්ද මහතා ප්‍රකාශ කර තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන කෑම වේලක සාමාන්‍ය වටිනාකම රුපියල් 3000 ක් පමණ වන බවයි. එම කෑම වේල මන්ත්‍රීවරුන්ට ලබා දෙන්නේ රුපියල් 200 කටය.

මන්ත්‍රී වැඩමුළුවට සහභාගි වන නවක මන්ත්‍රීවරුන්ද අදාල ආහාර වේල ලබාගෙන තිබූ අතර මුල්‍ය අධක්ෂකවරයාගේ ප්‍රකාශයට නවක මන්ත්‍රීවරුන්ගේ විරෝධය එල්ල වී තිබුණේ මාධ්‍ය සිටිනවාද කියාද අමතක කරමිනි.

ඔවුන් සිතා ඇත්තේ මාධ්‍යවේදීන් උදෑසනින් පසුව පිටත්ව ගොස් ඇති බවය. ඒ් නිසා ඔවුන් කෑම වේල ප්‍රශ්නය ගැන මාධ්‍ය ගැන පළ වන්නේ නැති වන්නේ නැතැයි සතුටට පත්ව තිබුණි. ඒ් බව අරුණ පුවත්පතද වාර්තා කර තිබුණි.

ඊයේ දින කෑම ප්‍රශ්නයේදී වෛද්‍ය සීතා අරඹෙපොල මහත්මිය අදහස් දක්වමින් පවසා තිබෙන්නේ මෙම දින දෙක තුළදී අදාල ආහාර වේල ලබාගත් නමුත් එහි වටිනාකම රුපියල් 3000 ක් යැයි විශ්වාස කළ නොහැකි බවය. එය ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතාද අනුමත කර තිබේ.

අවසානයේ පාර්ලිමේන්තු බලධාරීන්ට ඔවුන් අතින් සිදු වූ වැරැද්ද පිළිගෙන නිවැරදි කිරීමට සිදු වූ අතර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේ විගණන අංශයේ තහවුරු කිරීම්වලට අනුව පාර්ලිමේන්තුවෙන් ලබාදෙන මාලු කෑම එකක් රුපියල් 951 ක් හා එළවලු කෑම එකක් රුපියල් 629 ක් වටිනා බව මාධ්‍ය වාර්තා පළ කර තිබෙනු දක්නට ලැබුණි.

-ශානිකා-

Social Sharing
නවතම