මිනිසුන්ට ජීවත් වීමට හැකි පරිසරයක් හදන්න නම් ආරක්ෂක අංශත් එක් විය යුතුයි!

ආරක්ෂක අංශ, පරිපාලන සහ ආපදා කළමනාකරණ යන ක්‍රමවේදයන් එකට එකතු වී මිනිසුන්ට ජීවත්වීමට සාමකාමී වාතාවරණයක් නිර්මාණය කළ හැකි බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.

දේපල හා මිනිස් ජීවිතවලට විශාල ලෙස හානි සිදුවීම වැළැක්වීම සඳහා ආපදා තත්වයන් ඇතිවීමට පෙර හඳුනාගෙන ඒවා කළමනාකරණය කිරීම සඳහා නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවද ඔහු පවසයි.

අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඊයේ (අගෝස්තු 26) නාරාහේන්පිට රාජ්‍ය අමාත්‍යාංශයේදී සිය ධුරයේ වැඩ බාර ගනිමින් ඔහු පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” ට අනුව පුළුල් පරාසයක කාර්යයන් ආවරණය කිරීම සඳහා ඔවුන්ට වැදගත් කාර්යභාරයක් පැවරී ඇති අතර අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය අංශයේ ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව මේජර් ජෙනරාල් ගුණරත්න වැඩිදුරටත් පැවසීය.

-ශානිකා-

Social Sharing
නවතම