“මට නඩු පැවරු විජේදාසට අන්තිමට අධිකරණ ඇමතිධුරයත් නැතුව ගියා, මට සතුටුයි” – රංජන්

තමන්ට නඩු පවරා හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ සාර්ථක වී ඇතත් නමුත් ඔහු බලාපොරොත්තුවෙන් සිටි අධිකරණ ඇමතිධූරය නොලැබීම ගැන තමන් සතුටට පත් වෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීන්දුව භාර ගන්නා බවත් මෙය ශ්‍රේෂ්ඨාධිකරණය බැවින් ඉන් එහා යාමට අධිකරණයක්  නැති බවද ඔහු පවසයි. එය මාස 03- 06 සිර දඬුවමක්ද? නැතහොත් වසරක සිර දඬුවමක්ද? අත්හිටවු සිරදඬුවමක්ද? කිසිදු ගැටලුවක් නැති බවත් ඔහු පවසයි.

මේ නඩුව තමන්ට දැම්මේ හිටපු අධිකරණ ඇමතිවරයා බවත් ඒ හම්බන්තොට සිද්ධියේදී තමන් ඔහුව සුදුසු වනිතා කටයුතු සම්බන්ධ ඇමතිධුරයට සුදුසු බවට කළ ප්‍රකාශය නිසා උරණ වීම නිසා යැයිද රංජන් රාමනායක මහතා කියයි.

මීට වඩා බොහෝ දේවල් පැවසු අය සිටි නමුත් තමන්ව ඉලක්ක කර නඩු ගොනු කළේ තමන්ගෙන් පළිගැනීමට බවත් විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා, මාගල්කන්දේ සුදන්ත හිමි හා සුනිල් පෙරේරා යන දෙදෙනා ලවා ශ්‍රේෂ්ඨාධිකරණයේම නඩු ගොනු කළේ තමන්ව සිර කිරීමට බවද පවසයි.

අදහස් දැක්වීම පහත හඬ පටයෙන්…

-ශානිකා-

Social Sharing
නවතම