අප දැන් ඉන්නේ “එක රටක එක නීතියක්” යටතේ නොවේද? – පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන්

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුල එක රටක්, එක නීතියක් කියන එක ගැන කථා කරන බවත් අපි සියල්ලන්ම සිටින්නේ එක රටක වන අතර මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, සිවිල් නීතිය, අපරාධ නීතිය  රටේ සියලු දෙනාටම පොදු බවත් එසේ නම් මේ දේශපලාන සටන් පාඨය කුමක්දැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා ප්‍රශ්න කර සිටියි.

එසේ නම් මෙය ආණ්ඩුව පැහැදිලි කළ යුතු බවද කියා සිටින ඔහු පෙන්වා දෙන්නේ යම් යම් ජන වර්ග වලට ආවේනික නීති ඇති බවත් කෙදිනකවත් ඒවා මේ රටේ ව්‍යවස්ථාවේ අභියෝගයට ලක් වී නැති බවත් ඒකීයභාවයට අභියෝගයක් වී නැති බවත් ඒ නීති මේ රටේ ත්‍රස්තවාදය ඇති කිරිමට බලපා නැති බවය.

මේ රටේ නීති දෙකක් නැති බවත් පහල සමාජයේ දේශපාලන වාසි තකා මිනිසුන්ගේ හැඟීම් වලට කථා කරන්න එලෙස කථා කරන බවද ඔහු වැඩිදුරටත් පවසයි.

Social Sharing
නවතම