විග්නේෂ්වරන්ගේ ප්‍රකාශය ගැන හොයනවා. – කථානායක

විග්නේෂ්වරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවේ වාර්තා වී ඇති ආකාරය සොයා බලා අවශ්‍යනම් එය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

පහුගියදා පාර්ලිමේන්තුවේදි සී.වී විග්නේෂ්වරන් මහතා කළ ප්‍රකාශය ජාතිවාදී ප්‍රකාශයක් බව පවසා එය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස විපක්ෂය විසින් කථානායකවරයාගෙන් ඉල්ලා තිබුණි.

කථානායකවරයා මහනුවර මල්වතු, අස්ගිරි මහ නාහිමිවරු බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් මෙම ප්‍රශ්නය ගැන විමසු ගැන අවස්ථාවේ කථානාකවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.

මන්ත්‍රීවරුන්ට යුක්තිය හා සාධාරණය ඉටුවන්නේ නැති බව හැඟුණු විට ඔවුන් ගැටුම් ඇති කර ගන්නා බවත් නැතිනම් ඔවුන් සැමදා ගැටුම් ඇති කර ගත යුතු බවද ඔහු කියා සිටියි.

ඒ නිසා අපද ඔවුන්ගේ සිත් වටහාගෙන අවබෝධයෙන් කටයුතු කරන්නේ නම් කිසිදා ගැටුමක් ඇති නොවන බවද කථානායකවරයා පෙන්වා දෙයි.

නදීක දයාබණ්ඩාර – මහනුවර

Social Sharing
නවතම