මෙහෙයුම් වැඩිවීමෙන් ලක්ෂයක් අත්අඩංගුවේ,

පසුගිය කාලය තුළ සිදුකරන ලද අපරාධ මැඩලීමේ මෙහෙයුම්වල දී සැකකරුවන් 103,651 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසු බව මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි.

ඒ් නීති විරෝධී ගිනි අවි ළඟ තබා ගැනීම්, මත්ද්‍රව්‍ය සහ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනා මත අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

අදාළ වැටලීම්වල දී හෙරොයින් කිළෝග්‍රෑම් 23කට අධික ප්‍රමාණයක් ද සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා තිබුණි.

ඒමෙන්ම මෙම වැටලීම් වලින් නීති විරෝධි ගිනි අවි රැසක්ද සොයා ගෙන තිබුණි. මෙය 2020- 06-06 සිට කාලයේ ගණන් බලා තිබේ.

නමුත් මෙහි පොඩි ගැටලුවක් ඇත්තේය. ඒ් මේ අත්අඩංගුවට අරන් සිටින ලක්ෂයකට අධික සියලුම සැකකරුවන් සියලුම දෙනා සැබෑම සැකකරුවන්ද යන්නයි. මෙම ලක්ෂය අතර අහිංසක පුද්ගලයින් ද සිටිනවා විය හැකිය. අත්අඩංගුවට ගැනීමේදී ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වුවා විය හැකිය.

පොලිසියේ වැටලීම් ගැන ජනතාවට නම් කිසිදු පැහැදිමක් නැත. මන්ද ඔවුන් නඩුවක් ගැනීමට වෙහෙසනවා විනා මිනිසෙකුගේ මානුෂිය බව සිතන්නේ ඒහෙමත් පොලිස් නිලධාරියෙක් නිසාය. මේ අත්අඩංගුවේ සිටින සැකකරුවන් ලක්ෂය අතර නිදෝස් පුද්ගලයින් සිටිය හැකියි පැවසුයේ ඒහෙයිනි.

අපරාධ මර්ධනය කිරීමට වැටලීම් කිරීමේ වරදක් නැත. නමුත් ඒහිදී මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවන අයුරින් කටයුතු කිරීමට හැකි නම් වඩාත් සුදුසුය.

ඒමෙන්ම අත්අඩංගුවට අරන් ඒය සංඛ්‍යාත්මකව ඉහළ දමනවාට වඩා ඔවුන්ව වෙනත් යහපත් මාර්ගයකට යොමු කිරීමකට හැකි වන්නේ නම් ඒය ඊට වඩා සුදුසු බව මා දකිමි.

-ශානිකා-

Social Sharing
නවතම