සමගි ජන බලවේගයේ දෙපිරිසක් ගුටි කෙළියක!

සමගි ජන බලවේගය නියෝජනය කරමින් පසුගිය මහ මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ තරඟ වැදුණු දර්ශන ප්‍රදීප් මහතාට කිසියම් පිරිසක් විසින් පසුගිය 20 වනදා  සවස තංගල්ල ගොඩිගමුව ප්‍රදේශයේදී පහර දී තිබේ.

පහර කෑමට ලක්වූ දර්ශන ප්‍රදීප් මහතා මේ වන විට තංගල්ල මූලික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටී.

දර්ශන ප්‍රදීප් මහතා 20  දින තංගල්ල ගොඩිගමුව ප්‍රදේශයේ ඇති  සංචාරක හෝටලයක පැවති විවාහ මංගල උත්සවයකට පැමිණ ඇති අතර එම ස්ථානයට පැමිණි තරුණ පිරිසක් ඔහුට  පහර දී තිබේ. දර්ශන ප්‍රදීප් මහතා පැමිණ වාහනයටද ප්‍රහාරකයෝ අලාභ හාණි කර තිබුණි.

“අපේ ලොක්කා කපාගෙන උඹ මැතිවරණය කළා නේ” දැයි ප්‍රශ්න කරමින් තමන්ට යකඩ පොලු වලින් පහර දුන් බව දර්ශන ප්‍රදීප් මහතා පවසයි.ඔහු චෝදනා කරන්නේ සමගි ජනබල වේගයේම පිරිසක් තමන්ට පහර දුන් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලීසිය පරීක්ෂන මෙහෙයවයි.

-චන්ද්‍රසේන ගමගේ-

Social Sharing
නවතම