සජබෙන් 10ක් ආණ්ඩුවට..!

සමගි ජන බලවේගයේ 10 දෙනෙක් පමණ ස්ථිර වශයෙන්ම ආණ්ඩුවට එකතුවෙමින් අමාත්‍ය ධුර ලබාගනු ඇතැයි සජබ ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ.

මේ අනුව සමගි ජන බලවේගයේ රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, මයන්ත දිසානායක, කුමාර වෙල්ගම, කාවින්ද ජයවර්ධන, හෙක්ටර් අප්පුහාමි, ඇතුලු 10 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මෙලෙස ආණ්ඩුවට එකතුවීම සඳහා සූදානමින්, ඒ වෙනුවෙන් එජාපයේ ප්‍රබලයන් සමග සාකච්ඡා කරමින් ඇතැයි වාර්තා වෙයි.

හරින් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර, වජිර අබේවර්ධන ප්‍රමුඛ එජාපයේ ප්‍රබලයන් රැසක් මෙම මෙහෙයුමට සහාය දෙමින් ඇතැයි වාර්තා වෙන අතර එජාපයේ තවත් පිරිසක් සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය එජාපයට යළිත් එකතු කරගැනීම සඳහා ද සාකච්ඡා කරමින් ඇතැයි වාර්තා වෙයි. මෙම සාකච්ඡා පිළිබඳව වජිර අබේවර්ධන ඇතුලු පක්ෂයේ තවත් සුළු පිරිසක් විරුද්ධ බවද වැඩිදුරටත් කරුණු වාර්තා වෙයි.

Social Sharing
නවතම පුවත්