මහජන බැංකුවේ ගිණුම් අයින් කරගන්නවා – මුදල් අමාත්‍යාංශය

රාජ්‍ය සංස්ථා දෙපාර්තමේන්තුව ප්‍රධානීන් විසින් මහජන බැංකුවේ පවතින තම ගිණුම් වෙනත් බැංකු වෙත මාරු කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ.

මහජන බැංකුවේ නිලධාරීන් වැඩ වර්ජන කිරීම මත තම මූල්‍ය කටයුතු පවත්වා ගැනීමට නොහැකිවීමෙන් ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවූ බව සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් දන්වා තිබේ.

ඒ අනුව මහජන බැංකුවේ සේවකයන්ට ද සිය අවශ්‍යතා වෙනුවෙන් මුදල් ලබාගැනීමට නොහැකි නිසා විකල්ප ක්‍රියාමාර්ග වලට යොමු වීමට සිදු වන බව ද මෙමඟින් පැහැදිලි කර ඇත.

ඒ නිසා අත්‍යවශ්‍ය කටයුත්තක් ලෙස සලකා තම ගිණුම් මහජන බැංකුවෙන් ඉවත්කොට වෙනත් බැංකුවලට යොමු කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසද ඉල්ලා තිබේ.

ජනාධිපතිවරයාද මුදල් අමාත්‍යාංශයේ බලධාරීන්ට දැනුම් දුන් දී ඇති රජයේ සංස්ථා දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් කළ ඉල්ලීම පිළිබඳව විශේෂ අවධානය යොමුකර කටයුතු කරන ලෙසයි.

මේ අතර මහජන බැංකුවේ දැනට ගිණුම් ඇති මෙරට පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ ගිණුම් රැසක් ද යක් එම බැංකුවෙන් ඉවත්කරගැනීමට සිදුවුණු ඇති බව මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී ඇත.

වැඩ වර්ජන දිගින් දිගටම පැවතුණහොත් තම ව්‍යාපාරික කටයුතුවල බලපෑම් ඇතිවන නිසා මෙම පියවර ගැනීමට තීරණය කර ඇතැයි ඔවුන් දැනුම් දී තිබේ.
-ලංකාසීනිව්ස්-

Social Sharing
ආර්ථික නවතම පුවත්