කැළණි ගඟේ ජල දුෂණය ඉහළ යයි, පිරිපහදු වියදම වාර්ෂිකව වැඩි වේ!

කැලණි ගඟේ ජලය අපවිත්‍ර වීම දිනෙන් දිනම වැඩීවීම නිසා අඹතලේ හා පට්ටිවිල ජල පවිත්‍රාගාර වල ජලය පිරිසිදු කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය පහුගිය වසර පහ තුලදී රුපියල් මිලියන 879 සිට ඉහළ ගොස් ඇති බවට නිරීක්ෂනය වී ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

ජලයේ අපවිත්‍රතාවය ඉහළ යාම නිසා ඒවා පිරිසිදු කිරීමට 2015 දී රසායනික ද්‍රව්‍ය ඇතුලත් සමස්ත වියදම වී ඇත්තේ රසායනික ද්‍රව්‍ය වැඩි වශයෙන් යොදා ගැනීම නිසා බවද විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදුකළ නිරීක්ෂයකදී හෙළිව ඇත. ඒ අනුව අඹතලේ ජල පවිත්‍රාගාරයේ මුලු පිරිපහදු වියදම 2015 වසරේදී රුපියල් මිලියන 879 සිට 2017 වර්ෂයේදී රුපියල් මිලියන 929 දක්වාද පට්ටිවිල ජල පවිත්‍රාගාරයේ භාවිතා කරන රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය පිළිවෙලින් ඇලම් සියයට හතරයි, ලයිම් සියයට දා හතයි, ක්ලෝරීන් සියයට හැත්තෑ හතරක ප්‍රමාණයකින් වැඩි වී ඇත.

ජලයේ අපිරිසිදුභාවය වාර්ෂිකව වැඩිවන බවද නිරීක්ෂනය වී ඇති අතර ඊට සාපෙක්ෂව ජලය පිරිපහදු කිරීමේ වියදමද ඉහළ යන හෙයින් පානීය ජලය නිෂ්පාදනයේ පිරිවැය අවසානයේ පාරිභෝගිකයාට දරා ගැනීමට සිදු වනු ඇති බව මෙම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

-ශානිකා-

Social Sharing
නවතම