15 වැඩ වැරුමට අපි කැමතියි – ලාල් කාන්ත

හෙට (15) දිනයේදී යෝජිත දීප ව්‍යාප්ත වැඩ වර්ජනයට සම්පූර්ණ සහාය දෙන බවත් එහෙත් අඛණ්ඩ වැඩ වර්ජනයක් සඳහා මේ මොහොතේදී එකඟ නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී ලාල් කාන්ත ප්‍රකාශ කරයි.

15 වෙනිදා වැඩවර්ජනයෙන් පසුව ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ගන්නා වූ ක්‍රියාමාර්ග දෙස බලා ඊළඟ පියවරයන් වෙත යා යුතු බව ප්‍රකාශ කරන ඒ මහතා තමන් සහ තම පක්ෂය මේ මොහොතේ සෞඛ්‍ය සේවයේ අඛණ්ඩ වැඩ වර්ජනයකට එකඟ නැති බව ප්‍රකාශ කරයි.

ජනතාව සහ වර්ජකයන් ගැටෙන තැනකට මෙම අරගලය ගෙන යාමට පාලකයන් හට අවශ්‍යව ඇතැයිද ඒ පිළිබඳව සිතා කටයුතු කළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකශ කරයි.

Social Sharing
නවතම පුවත්