ට්‍රම්ප්ගේ නොහැකියාව ගැන ඔබාමා කියයි!

ඇමරිකාවේ එක්සත් රාජධානිය ඩිමොක්‍රටික් පක්ෂයේ සමුළුවේ දී හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ප්‍රකාශ කළේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩ හුදෙක්ම රියැලිටි දර්ශනයකට සමාන බවයි. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නොහැකියාව පිළිබිඹු වන අතර ඔහු අදාළ තනතුර සඳහා මුහුකුරා නොගිය ගතියක් පෙන්නුම් කරන බවයි.

ධවල මන්දිරයේ සිට මෙයට පිළිතුරු දුන් ට්‍රම්ප් පවසා සිටියේ ඔබාමා අමෙරිකාව බියකරු තත්ත්වයකට පත් කළ බැවින් ජනතාව තමන්ව ජනාධිපති ධූරයට පත් කොට යැවූ බවයි. ඩිමොක්‍රටික් සමුළුවේ තෙවැනි දිනයේ දී කමලා හැරිස් උප ජනාධිපති ධූර අපේක්ෂකත්වය සඳහා නිල වශයෙන් තෝරා ගැනිණි. බ්‍රහස්පතින්දා (20) සමුළුවේ සිවුවැනි දිනයේ දී බිඩන් සමුළුව ආමන්ත්‍රණය කිරීමට නියමිතව සිටියේය.

Social Sharing
නවතම විදෙස්