රුපියල ලොව හොඳම මුදල් ඒකකය වෙයි..!

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ගෝලීය වශයෙන් ලොව හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව තිබෙන බව ප්‍රකට බ්ලුම්බර්ග් වෙබ් අඩවිය ප්‍රකාශ කර ඇත.

එය එසේ වුවත් 2023 වසර අවසාන වනවිට ඩොලරයක් රුපියල් 390 ක් පමණ දක්වා පසුබසිනු ඇතැයි ෆිච් රේටින්ග්ස් පුරෝකථනය කර ඇති බවද එම වාර්තාව සඳහන් කරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය සහන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව බදු බර වැඩි කර සහනාධාර කපා හරිමින් මුදල් ඒකක ග්‍රහණය ලිහිල් කර ඇති වුවත් සිය බාහිර ණය ගෙවීම් ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කළ පසු විනිමය අනුපාතිකය මත දැඩි පීඩනයක් ඇති කරනු ඇති බවත් එහි සඳහන්.

වාර්තාව –

https://www.bloomberg.com/news/articles/2023-03-08/sri-lanka-s-rupee-will-reverse-gains-and-plummet-20-fitch-says?leadSource=uverify%20wall#xj4y7vzkg

 

Social Sharing
ආර්ථික නවතම පුවත්