බැංකු පොලී අනුපාත තවත් ඉහළ යන ලකුණු..!

බැංකු පොලී අනුපාත යළි ඉහළ දමන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී ඇත. ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් යෝජනා කර ඇත්තේ පවතින පොලී අනුපාතය තවත් 2.5% කින් ඉහළ නංවන ලෙසය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ පිළිබඳව තොරතුරු අනාවරණය කළ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩූරටත් ප්‍රකාශ කළේ මෙම සාකච්ඡාවට සහභාගීවූ ලාංකීය නියෝජිත පිරිස මුල්‍ය අරමුදලේ එම යෝජනාවට එකඟතාවයක් පළ නොකළ බවය.

ඒ අනුව තවදුරටත් බැංකු පොලිය දැන් පවතින තත්ත්වයේම පවතිනු ඇති බව ඔහු ප්‍රකාශ කරයි. එහෙත් ආර්ථික විශ්ලේෂකයන් ප්‍රකාශ කරන්නේ පමාවී හෝ රජයට මෙම යෝජන්නාවට එකඟවන්නට සිදුවෙනු ඇති බවය.

Social Sharing
ආර්ථික නවතම පුවත්