චීන සහතිකය එනකම් බලන් ඉන්න වෙනවා – IMF

IMF ණය සම්බන්ධව ශ්‍රී ලංකාවට ඇති හොඳම ක්‍රමය වන්නේ චීනයේ සහතිකය ලැබෙන තුරු බලා සිටීම බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ආසියානු – පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් පවසනවා.

ඒ, ඉන්දියාවේ නවදිල්ලි නුවර දකුණු ආසියානු මාධ්‍යවේදීන් සඳහා පවත්වන ලද පුහුණු වැඩසටහනක දී යි.

විදෙස් මාධ්‍ය මූලාශ්‍ර උපුටා දක්වමින් මීට පෙර මෙරට මාධ්‍ය වාර්තා කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) චීනයෙන් මූල්‍ය සහතිකයක් ලබා ගැනීමට පෙර ශ්‍රී ලංකාවේ විදේශ අරමුදල් පහසුකම (EFF) සඳහා විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා දීමට තීරණයක් ගෙන ඇති බවයි.

එහෙත් අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් කියන්නේ එවැන්නක් සලකා බලමින් හෝ නැති බවයි.

පෙර කී මාධ්‍ය වාර්තා තමන්ද දුටු බව පවසා ඇති අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් එය නිල ප්‍රකාශයක් නොවන බවයි කියා ඇත්තේ. චීනයෙන් අවශ්‍ය සහතිකය ලැබීමට පෙර විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා දීමේ මීළඟ පියවර වෙත යාමට අරමුදල සලකා බලයිද යන්න “අනුමාන කිරීමට ඉක්මන් වැඩිය” යැයි ඔහු කියා තිබෙනවා.

සති කිහිපයකට පෙර, චීනයේ අපනයන හා ආනයන බැංකුව (EXIM) ශ්‍රී ලංකාව සඳහා වසර දෙකක කාලයක් ලබා දුන් බව පවසා තිබුනත් එය IMF සඳහා ප්‍රමාණවත් නොවන බවයි කියන්නේ.
-News19.lk-

Social Sharing
ආර්ථික නවතම පුවත්