මෙවර උතුරේ අතුරුදහන් වූවන්ගේ  සැමරුම චාමේට

උතුරු නැගෙනහිර අතුරුදහන්වුවන් එනතුරු බලා සිටි පවුලේ ඥාතීන් දෙසිය ගණනක් 2009 වසරේ සිට මේ දක්වා කාලය තුල මිය ගොස් ඇතැයි යාපනය මාධ්‍ය සමාජය පවසයි.

ඔවුන් මේ බව හෙළිකර සිටියේ අගෝස්තු 30 වෙනිදාට යෙදී ඇති ජාත්‍යන්තර අතුරුදහන් වුවන්ගේ දිනය නිමිත්තෙන් යාපනයේ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

උතුරු නැගෙනහිර අතුරුදහන්වුවන් එනතුරු ඔවුන්ගේ පවුල් වල අය ඥාතීන් අව්වට, වැස්සට තෙමෙමින් මහමඟට වී දරුවන්ගේ ඡායාරූප අතේ තබාගෙන සිටියත් රජයේ අවධානය ඊට යොමු නොවූ බව පවසන  මොවුන් ඒ බව සඳහන් කර මෙවර අගෝස්තු 30 වෙනි දින යාපනය බස් නැවතුම්පලේ සිට පෙළපාලියකින් පා ගමනින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ගොස් ලිපියක් භාර දීමට නියමිතය.

එමෙන්ම මඩකලපුවේද ගාන්ධි උ්‍යායානයේ සිට එහි දිස්ත්‍රික් ලේකම් වෙත පෙළපාලියකින් ගොස් ලිපියක් භාර දීමට නියමිතය.

-ශානිකා-

Social Sharing
නවතම