ජේසු කියන්නෙ නාහෙට නාහන මුරණ්ඩුකාර මිනිහෙක්…!

ජේසු සෙල්ෆි එකක් ගන්න මේ පින්තූරේ නිර්මාණය වුණු දවස්වල විශාල කුණාටුවක් සහ කලබගෑනීයක් ඇති වුණා. හැබැයි මම මේ සරණාගතයා සහ හිතුවක්කාර මනුස්සයා ගැන ඉගෙන ගත්ත දේවල් එක්ක මට විශ්වාසයි ජේසු කියන්නෙ නාහෙට නාහන මුරණ්ඩුකාර මිනිහෙක්.

එයා ආගමක් කරේ එල්ලන් ඇදහුවා කියලා මම හිතන්නෙ නෑ. එයා ආගමෙන් නිදහස් වුණු කෙනෙක් වෙන්න ඇති. 100% නිදහසේ, ජොලියේ ඉන්න ඇති. ඒ වගේම පිස්සු හැදෙන තරම් ආදරණීය සහ කරුණාවන්ත ඩයල් එකක් වෙන්නත් ඇති එයා. කොහේ ගියත්, දුප්පත් මිනිස්සු ගැන සහ රෝගී වුණු අය ගැන සැලකිලිමත් වුණු මනුස්සයෙක් වෙන්නත් ඇති එයා.

ඒ අස්සෙම, සමාජෙන් කොන් කරලා දාපු මිනිස්සු එක්ක සෙට් වෙලා කයිය ගහන්නත් ඇති කියලා මට හිතෙනවා. මට මතකයි එක වෙලාවක ඉහළ පූජක පැළැන්තිය එයාව ප්‍රශ්න කරනවා. එයාලා අහනවා ඇයි මේ ගුරුවරයෙක් කියලා ඔයාලා හඳුන්වන මිනිහා කිසිම කමකට නැති, චාරයක් හෝ වැදගත්කමක් නැති එවුන් එක්ක ළගින්නෙ කියලා? මැතිව් ගෙ ගෙදර එකට රෑ කෑම කන වෙලාවක එක එක ජාතිවල කට්ටිය ඇවිත් එතනට සෙට් වෙලා කෑම කන හැටි දැක්කම, මේ පූජකයො ආයේ අහනවා ඇයි මේ මදාවි, ගණිකාවෝ සහ බදු අය කරන එවුන් වගේ උන් එක්ක ඔයා මේ යාළුවෙක් වගේ හැසිරෙන්නෙ කියලා.

එතකොට මේ මනුස්සයා කිසි ගාණක් නැතුව, චිල් එකේ එයාලගෙන් ප්‍රශ්ණයක් අහනවා. “වෛද්‍යවරයෙක් ඕනේ නිරෝගී අයටද රෝගී වුණු අයට ද?” කියලා. ශුද්ධවූ ලියවිල්ල කියලා අද හඳුන්වන එකේ ඇත්තටම මොකක්ද කියන්නෙ කියලා කියවගන්න හොඳ වෙලාවක් මේක. ගිහින් කියවගන්න. එයා බොහෝම කූල් එකේ කියන්නෙ ” මම බලාපොරොත්තු වෙන්නෙ කරුණාව මිසක් ආගමක් නෙමෙයි” කියලයි. එයා ඒ එක්කම කියනවා “එළියට දාපු අයව පිළිගන්න මිසක්, තාප්ප ගහලා ලේබල් ගහලා මිනිස්සු වෙන් කරන්න නෙමෙයි මම ඉන්නෙ” කියලත්.

ඕකත් එක හේතුවක් මම මේ මනුස්සයට මෙච්චර කැමති වෙන්න..!

Bear Grylls විසින් ලිව්ව සටහනක අනුවර්තනයක් – ෂේනු පෙරේරා

Social Sharing
අවකාශය නවතම