“මම අතුරුදහන් වෙලා නෑ” රතන හිමි කියයි!

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් අප පරිහරණය කළ යුත්තේ සමාජ ව්‍යාපාරයක් ගොඩනැඟිමට බවත්, මන්ත්‍රීධුරයක් නැති වුවත් සමාජ ව්‍යාපාරයක් ගොඩනඟන එක පාඩුවක් නොවෙන බව අපේ ජනබල පක්ෂයේ රතන හිමියන් පවසයි.

අපේ ජන බල පක්ෂයේ පත් වු මන්ත්‍රී ධූරය ගැන විශාල විවාදයක් සමාජයේ පැන නැඟි තිබෙන අතර ඒ තමන් අතුරුදහන් බවට බවත් ප්‍රධාන නාලිකා වල මේ ප්‍රවෘත්තිය දුටු විට මේ සම්බන්ධයෙන් ඉතා සංවේගයට හා කණගාටුවට පත් වු අතර තමන් වැනි ප්‍රසිද්ධ අයෙකුට එලෙස අතුරුදහන් විය නොහැකි බවද උන් වහන්සේ පවසයි.

තමන් පහුගිය දවස් කිහිපයේම රාත්‍රිය ගත කළේ සදහම් සෙවන පන්සලේ බවත්, ඒ ප්‍රවෘත්තිය සම්පුර්ණයෙන්ම අසත්‍යයක් යැයි පවසයි. එමෙන්ම පැහැර ගැනීම් ගැන කථා කරන බවත් කිසිදු පැහැර ගැනීමකට ලක්ව නැති බවත් අවධාරණය කර සිටියි.

මෙහි යම් කිසි ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවේ නම් තමා නිහඬ වී ඊට අවශ්‍ය නායකත්වය ලබා දෙන බවත් ඒ නිසා මන්ත්‍රීධුරය අත්‍යවශ්‍යම දෙයක් ලෙස මා සලකන්නේ නැති බවද කියයි.

මේ මන්ත්‍රී ධුරය සාධාරණව, ප්‍රජාත්‍රන්තවාදීව, අනාගත ව්‍යාපාරයක් ගොඩනඟා ගැනීම සඳහා සමගි සම්පන්නව විසඳා ගත යුතුයි කියන ස්ථාවරයේ තමන් තදින් සිටිනවා යැයි රතන හිමියන් පවසයි.

Social Sharing
නවතම