කුඩු හා ළමා අපචාර නැවත්වීම මා ඉදිරියේ ඇති විශාලම අභියෝගයයි! – නීතිඥ අලි සබ්රි

සෑම පැය දෙකකට වරක්ම කුඩා දරුවෙක් අපචාරයට ලක්වෙන බවත් මේවා නැවැත්වීමේ අභියෝගය තමන් ඉදිරියේ ඇති බවත්  අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

අප සතුව ඇති අභියෝග අති විශාල බවත් ඒවා ජය ගැනීමට ජනාධිපතිවරයා තමන්ට මෙය භාර දී ඇති බවද ඔහු පවසයි.

කුඩු ඇල්ලු විට ඒවා නැති වෙන බවත් කුඩුකාරයෝ අල්ලා බන්ධනාගාරගත කළ විට එහි ජාවාරම ඊට වඩා හොඳින් කරගෙන යන අතර ඒවා පරීක්ෂා කරන්න රස පරීක්ෂා කරන්න යැවූ විට එතනත් ජාවාරමක් බවත්, මේවා නැති කිරීම තමන්ට පැවරී ඇති අභියෝග බවද ඔහු පැවසුවේය.

ඉඩම් නඩුවක් දැමු විට එය වසර 15-20 ක් ඇදී යන බවත් දරුවෙකුගේ භාරකාරත්වය පිලිබඳ නඩුවක් පැවරුවහොත් වසර දහයක් පමණ යන බවත් එහිදි දරුවා ලොකු වී ඇති බවත් ඇතැම් විට දරුවාගේ අනාගතය විනාශ වී ඇතැයිද අධිකරණ ඇමතිවරයා පෙන්වා දුන්නේය.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ  (17) දින සිය අමාත්‍යධුරයේ වැඩ භාර ගනිමිනි.

-ශානිකා-

Social Sharing
නවතම