හවස 6ට හමුදාවට එන්න කීවාම පාන්දර 2ට ආවේ – නාමල්

Namal Rajapaksa ministry of youth and sports sri lanka

පසුගිය මැයි 09 වෙනිදා රට තුළ උද්ගතවූ කලහකාරී තත්ත්වය තුළ මහින්ද රාජපක්ෂගේ සහ එම අවස්ථාවේ අරලියගහ මන්දිරයේ සිරවී සිටි පිරිසගේ ආරක්ෂාව වෙනුවෙන් එදින හවස 06ට හමුදාව කැඳවූවත් හමුදාව පැමිණියේ පසු දා උදෑසන 2ට පමණ බව නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.

ඉරාජ් වීරරත්න සමග සම්මුඛ සාකච්ඡාවකට එකතුවෙමින් ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ තමන් තවත් 3000ක පමණ පිරිසක් සමග දවස් 04ක් පමණ අරලියගහ මන්දිරය තුළ සිරවී සිටි බවය.

මෙම තත්ත්වය ගැන සොයා බැලිය යුතු බවත් ඒ පිළිබඳව සෙවීම සඳහා පත් කළ කමිටු වාර්තාව මේ වනවිට ජනාධිපතිවරයාට ලැබී ඇති බවත් එය ඉතාමත් ඉක්මනින් සභාගත කළ යුතු බවත් ප්‍රකාශ කරන නාමල් රාජපක්ෂ, වර්තමාන ජනාධිපතිවරයා මේ කමිටු වාර්තාවේ අඩංගු කරුණුවලට අනුව ක්‍රියාත්මක වේ යැයි විශ්වාස කරන බවත් ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම පුවත්